Author: admin

  • විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ගැන අධිකරණ තීන්දුවක්

    රාජ්‍ය සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (15) නියෝග කර තිබේ. රාජ්‍ය සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් වයස අවුරුදු 60දී විශ්‍රාම ගැන්වීමට රජය ගෙන තිබෙන තීරණය අභියෝගයට ලක්කරමින් වෛද්‍යවරුන් පිරිසක් ගොනුකර තිබූ රිට් පෙත්සමක තීන්දුව ලබාදෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන…

  • මාවතගමදී දෙපිරිසක් අතර ගැටුමකින් පුද්ගලයෙක් මරුට

    කුරුණෑගල, මාවතගම ප්‍රදේශයේ පෞද්ගලික ආරවුලක් මත දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් තුවාල ලබා තිබේ. අප කළ විමසීමකදී පොලීසිය සඳහන් කළේ, ඊයේ (11) රාත්‍රීයේ අදාළ ගැටුම හටගෙන ඇති බවය. ගැටුමින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 24 හැවිරිදි තරුණයකි. අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 7 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලීසිය සඳහන්…

  • පෙබරවාරි තෙක් මහ වැසි

    මේ දිනවල පවතින අධික වැසි තත්ත්වය ලබන වසරේ පෙබරවාරි දක්වා පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි. ඊසාන දිග මෝසම් ප්‍රවාහය නැවතත් දිවයින දෙසට ඇදී ඒම නිසා දිවයිනට කඩින් කඩ වැසි ඇතිවන අතර සුළං ප්‍රවාහය නැගෙනහිර දිසාවෙන් ජල වාෂ්ප ප්‍රවාහය වලාකුළු අතර වැඩියෙන් රැඳීම හේතුකොට ගෙන අඩු වැඩි වන වැසි සවස් කාලයේ හා…

  • ‘පොලිස් මහජන සහන දිනය’ නැවතත්

    කොවිඩ් -19 වසංගතය ව්‍යාප්ත වීම හේතුවෙන් නවතා තිබූ ‘පොලිස් මහජන සහන දිනය’ නැවත ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, දෙසැම්බර් 15 වන සිකුරාදා දින සිට පොලිස් මහජන සහන දිනය නැවත ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තීරණය කර ඇති බව ය. ඒ අනුව, සෑම…

  • සතියකටත් අඩු නිවුන් දරුවන් දෙදෙනෙකු රු. 25,000කට විකිණූ පිළියන්දල මවක් අත්අඩංගුවට

    නිවුන් දරුවන් දෙදෙනෙකු බිහි කොට සතියක් ගත වීමටත් පෙර එම දරුවන් දෙදෙනා මුදලට විකිණූ පිළියන්දල ප්‍රදේශයේ මවක සහ එම දරුවන් දෙදෙනා මිල දී ගෙන තිබූ කාන්තාවන් දෙදෙනෙකු අද (දෙසැ. 7) රාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කළේ, මෙහිදී එක් කාන්තාවක අදාළ නිවුන් දරුවන්ගෙන් එක් දරුවෙකු රුපියල් 25,000කට මිල දී ගෙන ඇති අතර අනෙක්…

  • පාසල් වෑන් රථ රියදුරෙක් 11 ශ්‍රේණියේ දැරියකට කළ අපරාධය

    ඇඹිලිපිටියේ ප්‍රසිද්ධ පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් පාසල් වෑන් රථයකදී අතවරයට ලක්කළ එම වෑන් රථයේ රියදුරු සොයා පනාමුර පොලීසිය විමර්ශන ආරම්භකර තිබේ. මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ සිය පුංචි අම්මාගේ රැකවරණය යටතේ හැදී වැඩුණු දැරියකි. දැරිය පසුගිය දිනෙක පාසල් නොපැමිණ නිල ඇඳුමෙන් ඇඹිලිපිටිය නගරයේ රැඳී සිටිනු මිතුරියන් දැක ඇති බවට පාසලෙන් ලැබුණු ඇමතුමකට අනුව…

  • කෝටි ගණන් ගැරූ බම්බලපිටියේ හොර ඩිප්ලෝමා කඩය අල්ලයි

    දේශීය සහ විදේශීය රැකියාවලට අවශ්‍ය කරන ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා අධ්‍යාපනය ලබා දෙන බවට ෆේස්බුක් ඔස්සේ දැන්වීම් පළ කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සිසුන් බඳවාගෙන මාර්ගස්ථ (ONLINE) ක්‍රමයට අධ්‍යාපන වැඩමුළු පවත්වමින් ඩිප්ලෝමා සහතික නිකුත් කළ ව්‍යාජ අධ්‍යාපන ආයතනයක් බම්බලපිටිය පොලිසිය මගින් වැටලීය. බම්බලපිටිය ලෝරිස් පාර ප්‍රදේශයේ EVOLVE COLLEGE OF EDUCATION මෙම ව්‍යාජ ඩිප්ලෝමා අධ්‍යාපන ආයතනය පවත්වාගෙන…

  • යකඩ මුගුරකින් පහර දුන් සැමියාට බිරිඳ මිරිස් කුඩු ගසා තියුණු ආයුධයකින් ඇන මරා දමලා

    වැල්ලව පොලිස් වසමේ, බලගහගම ප්‍රදේශයේ නිවසක් තුළදී බිරිඳ විසින් තියුණු ආයුධයකින් පහර දී ඊයේ (දෙසැ. 3) තම ස්වාමි පුරුෂයා ඝාතනය කරනු ලැබ ඇති බව පොලිසිය පවසයි. මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 38ක් වූ බලගහගම, තල්විට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලිසිය සඳහන් කළේ, ඝාතනයට ලක් වූ පුද්ගලයා බිරිඳ සමග ඇති වූ ආරවුලක් මත බිරිඳට යකඩ මුගුරකින් හා යකඩ…

  • ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වෙයි

    ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වුණා. දීර්ඝ කාලයක සිට අසනීිප තත්ත්වයෙන් පසු වූ ඔහු ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි අද අලුයම මිය ගොස් තිබෙනවා. 1948 ජුලි මස 4දා කෑගල්ල, බොස්සැල්ලේදී උපත ලැබූ ඔහු පාසල් අධ්‍යාපනයෙන් පසුව දුම්රිය දෙපාර්තමේන්තුවේද රැකියාව සිදු කර තිබෙනවා. මෙරට කලා ක්ෂේත්‍රයට නන් අයුරින් දායක වූ එතුමන් මිය යන…

  • NPP කාන්තා සංවිධානයට ජල ප්‍රහාරයක්

    ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය විසින් පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වූ විරෝධතාවයකට පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.