Author: admin

  • සාපෙළ ප්‍රථමයා නුවරින්

    අද (01) උදෑසන නිකුත් කළ අපොස සාපෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ පළමු ස්ථානය මහනුවර මහාමායා විද්‍යාලයේ දැරියක් හිමිකරගෙන ඇති බව වාර්තා වෙයි. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඒ බව අද පාර්ලිමේන්තුවේදී පැවසීය. 2022 අපොස සාපෙළ ප්‍රතිඵල අනුව සිසු-සිසුවියන් 13,588ක් A නවය බැගින් ලබාගෙන ඇති බව සඳහන් ය. එසේම එම විභාගය සඳහා මුහුණදුන් අපේක්ෂකයින්ගෙන් 72.07%ක් අපොස උසස්පෙළ…

  • මන්නවලින් කපා කොටා පැන්න පාතාලේ කෙරුවාව

    කළුතර ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී මන්නා පිහි දෙකක් රැගෙන කොල්ලකෑම් කිහිපයක් සිදුකර පළාගිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 5ක් යොදවා තිබේ. මේ වනවිට අනාවරණය වී ඇත්තේ මෙම කොල්ලකරුවන් දෙදෙනා විසින් පානදුර සහ බණ්ඩාරගම ප්‍රදේශවලදී සිදුකළ පහරදීම්වලින් බරපතළ තුවාල ලැබූ දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා පානදුර රෝහල වෙත ඇතුළත් කර ඇත. සැකකරුවන් දෙදෙනා ප්‍රථමයෙන් පානදුර ප්‍රදේශයේදී…

  • ශ්‍රී ලංකාවේ සැමට සුබ ආරංචියක්

    ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම සඳහා ණයහිමි රටවල් කණ්ඩායම එකඟවූ බව ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. නමුත් එය තහවුරු කිරීමේ ලිපිය නිල ණයහිමි කමිටුවෙන් මෙතෙක් මෙරට බලධාරීන්ට ලැබී නොමැති බව සඳහන් ය. දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටි ශ්‍රී ලංකාව 2022 මැයි මාසයේ සිට බාහිර ණය ගෙවීම අත්හිටුවීය.…

  • වැල්ලම්පිටිය පාසලේ අනතුර ගැන විමර්ශනයක්

    වැල්ලම්පිටිය, ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටී සිසුවියක මියගොස් තවත් සිසුන් පස් දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් වෙත ඒ සම්බන්ධයෙන් විමර්ශනය සිදු කර කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා උපදෙස් ලබා දී ඇත. ඒ අනුව ඉදිරියේ දී…

  • මොරගහහේනේදී පැහැරගත් දැරිය සොයාගනී

    මොරගහහේන ගොඩිගමුව ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් සිටි වයස අවුරුදු 07ක දැරිය  හමුවී ඇති බව පොලීසිය පවසයි. ඊයේ (13) උදෑසන සිය නිවසේ සිටියදී මෙම දැරිය පැහැරගෙන ගොස් තිබුණි. දැරියගේ මව මේ සම්බන්ධයෙන් මොරගහහේන පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබුණි. පැමිණිල්ල සිදුකළ දැරියගේ මව ඇයගේ ස්වාමි පුරුෂයා, දරුවන් දෙදෙනා සිය මව හා සැමියාගේ නැගණිය අදාළ නිවසේ වාසය කර තිබේ.…

  • පිරමීඩ ජාවාරමකට හසු වූ තරුණයෙකුට අත්වූ අවාසනාවන්ත ඉරණම

    බොල්ගොඩ ජලාශයේ තිබී මළසිරුරක් හමු වූ බව පානදුර උතුර පොලිසිය පවසනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ, පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී 24 හැව්රිදි මුතුතන්ත්‍රිගේ නිපුන් නවෝද් ප්‍රනාන්දු යන අයයි. දේහය පවුලේ සාමාජිකයන් විසින් හඳුනාගෙන ඇති බව ද සඳහන්. මරණකරු කොළඹ මරදාන ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පංති ගුරුවරයකු ලෙසින් කටයුතු කළ අයෙකු වනවා. පිරමීඩ ජාවාරමකට මුදල් ආයෝජනය කර…

  • විදුලි බිල ගැන විශේෂ තීරණයක්

    ඊ බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි වන ලෙසට ලංකා විදුලිබල මණ්ඩලය සිය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ ඒ සඳහා ebil.ceb.lk වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි විය හැකි බවය. එසේ නොමැති නම් 1987 අංකයට කෙටි පණිවුඩයක් (SMS) යොමුකිරීම හරහාද මෙම ඊ බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි විය හැකිය. ඒ සඳහා ඔබගේ දුරකථන අංකයෙන්…

  • ලබන අවුරුද්දේ සිට පෙට්‍රල්-ඩීසල්වලට 10%ක බද්දක් !

    ලබන වසරේ (2024) ජනවාරි පළමු වන දා සිට පෙට්‍රල්, ඩීසල් සහ ගල් අඟුරු සඳහා වැට් බදු අය කිරීමට යෝජනා වී තිබේ. එම වසරේ අය කිරීමට යෝජනා කර තිබෙන 18%ක් වූ වැට් බද්දට සාපේක්‍ෂව මෙම බදු අය කිරීම සිදුවීමට නියමිත බව වාර්තා වේ. මෙම බදු වැඩි කිරීම ත් සමග පෙට්‍රල් හා ඩීසල් මිල 10% කින් පමණ…

  • දෙමළ පාසල්වලට සඳුදා නිවාඩු

    දීපවාලි දිනය සැමරීම වෙනුවෙන් රට පුරා ඇති දෙමළ පාසල්වලට නොවැම්බර් මස 13 වන සඳුදා දින නිවාඩු ලබාදී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, එම නිවාඩුව වෙනුවට 18 වන සෙනසුරාදා දින පාසල් පැවැත්විය යුතු බවය. මෙසේ නිවාඩු ලබාදෙන පාසල්වල විදුහල්පතිවරුන් විසින් ඒ බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත දැනුම් දී ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යාංශය…

  • ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තු ඉහළ දමයි

    ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේදී අය කරනු ලබන ගාස්තු සංශෝධනය කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇත. එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ, ජාතික හැඳුනුම්පතක සහතික පිටපතක් සඳහා වන ගාස්තුව රුපියල් 1,000ක් ලෙස සංශෝධනය කෙරෙන බව ය. එමෙන් ම, මීට පෙර රුපියල් 10,000ට පැවති ජාතික හැඳුනුම්පත් ඡායාරූප…