ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වුණා.

දීර්ඝ කාලයක සිට අසනීිප තත්ත්වයෙන් පසු වූ ඔහු ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි අද අලුයම මිය ගොස් තිබෙනවා.

1948 ජුලි මස 4දා කෑගල්ල, බොස්සැල්ලේදී උපත ලැබූ ඔහු පාසල් අධ්‍යාපනයෙන් පසුව දුම්රිය දෙපාර්තමේන්තුවේද රැකියාව සිදු කර තිබෙනවා.

මෙරට කලා ක්ෂේත්‍රයට නන් අයුරින් දායක වූ එතුමන් මිය යන විට 75වන වියේ පසු වුණා.