ජනපති අවතැන්වුවන් මුණගැසෙයි/President arrives in landslide-affected areas.

321941619469

ජනපති අවතැන්වුවන් මුණගැසෙයි/President arrives in landslide-affected areas.

Update

කොස්ලන්දේ මීරියබැද්දේ පවුල් 58ක 330 දෙනකුගෙන් පාසල් ගිය රුවන් 75 දෙනකු ජීවතුන් අතර සිටින බව බදුල්ල දිසාපති රෝහණ දිසානායක මහතා කොස්ලන්ද දෙමළ මහා විද්‍යෘලයයේදී මහින්ද රාජපක්ෂ ජනපතිට දැනුම් දී තිබේ.

ඒ අනුව  නාය ගිය පෙදෙසේ සිටි 255 දෙනකු පිලිබදව තොරතුරක් නොමැති බවද සදහන්.

ජනපති නිලධරයින්ගෙන් ප්‍රශ්න කළේ  නායයෑමේ  අවදානමක් ඇති පෙදෙසක  සිටි එම පවුල් සදහා විකල්ප ඉඩම් දුන්නේද යන්නයි.

දිසාපති රෝහණ දිසානායක මහතා සදහන් කර තිබෙන්නේ ලබා දුන් ඉඩම් වෙත පවුල් 30ක් ඉවත්ව ගිය බවයි.

අවදානම් සහිත ඉඩම්වල සිටින සියලු දෙනාම ආරක්ෂා සහිත ඉඩම් වලට යැවීමට පියවර ගන්නා ලෙසත් ඒ සඳහා වතුවල සහායත් ලබා ගන්නා ලෙසත් ජනපතිතුමන් උපදෙස් දී තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙළිකොප්ටර් යානයකින් කොස්ලන්ද – හල්දුම්මුල්ල,මීරියබැද්ද පෙදෙසට ගොඩබැස තිබෙන බව වාර්තා වෙයි.
නායයාම හේතුවෙන් පීඩාවට පත් ජනතාව ගැන සොයාබැලීම හා කඩිනම් සහනසේවා සැපයීම විධිමත් කිරීම මෙම සංචාරයේ අරමුණ බැව් සඳහන්ය.

President Mahinda Rajapaksa arrived in Koslanda, Haldemulla a short while ago to inspect the landslide-affected areas.

10372022_300306033460003_6166354504874246255_n 1378783_10153282046239202_564112593404138487_n10387387_10153282045559202_5535946668936065432_n 67326_10153282045809202_2054390145975455496_n