ඡන්දය දෙන්නේ ප්‍රතිචාර බලල: හෙළ උරුමය/Final budget vote: Decision depends on response to proposals: JHU

JHU

ඡන්දය දෙන්නේ ප්‍රතිචාර බලල: හෙළ උරුමය/Final budget vote: Decision depends on response to proposals: JHU

සිය යෝජනා සම්බන්ධයෙන් රජය දක්වන ප‍්‍රතිචාරය මත 2015 අයවැය අවසන් ඡන්ද විමසීමේදී රජයට සහය පළ කරන්නේද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිත බව ජාතික හෙළ උරුමය පවසනවා.

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ඊයේ (01) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. එම අවස්ථාවේ ජාතික හෙළ උරුමය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ අමාත්‍ය පාඨලී චම්පික රණවක සභා ගර්භය තුළ රැඳී සිටියේ නැහැ. මේ මස 24 වැනිදා අයවැය අවසන් ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

 

JHU says they will decide whether or not to vote in favour of the 2015 budget at the final voting, depending on the government’s reactions towards their proposals.

The 2nd voting for the 2015 budget was held in parliament yesterday.

During the vote taking, JHU parliamentarian venerable Athuraliye Rathana thera and minister Patali Champika Ranwaka were absent from the chamber.

The final vote taking for the budget will be held on the 24th of this month.