ජනවාරි 08 ජනවරම මටත් අදාලයි;අගමැතිතුමන් පවසයි.

Ranil-Wickremesinghe

තමා අගමැති ධූරයෙන් ඉවත් කළහැක්කේ ජනතාවට පමණක් බව  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙන්නේ ජනවාරි 08 වනදා ලැබුණු ජනවරම තමා අග්‍රාමාත්‍යවරයා විමට ද ලැබුණු ජනවරමක් බවයි.

මහනුවර පුෂ්පදාන ශාලාවේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පල කර තිබේ.

ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී අග්‍රාමාත්‍යවරයා වියයුත්තේ කවරුන්ද යන්න ජනතාවට තිරණය කළ හැකි  බවද  අග්‍රාමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් සදහන් කර තිබේ.