බදුල්ල නාය යාම් තවදුරටත්/Landslide in Badulla.

F201001291034501407423683

 

UPDATE

නායයෑම හේතුවෙන් මීරියබැද්ද වත්ත ගම්මානය සම්පූර්ණයෙන් යටවී ඇති බවත්, එම ගම්මානයේ ඒ වන විට සිටි කිසිදු පුද්ගලයෙකු ජීවතුන් අතර සිටින බවට විශ්වාස කළ නොහැකි බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ වන විට එම ප්‍රදේශයේ 250ට ආසන්න පිරිසක් අතුරුදහන් වී ඇති බවත්, සිද්ධියෙන් විපතට පත් පුද්ගලයින් බේරා ගැනීම සඳහා ත්‍රිවිද හමුදාව මෙන්ම ප්‍රදේශවාසීන්ද සහයෝගය දක්වන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යාක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේය.

අදාළ ප්‍රදේශය මේ වන විටත් නාය යමින් පැවතීම හේතුවෙන් සහන සැලසීමේ ක්‍රියාවලියට බාධා එල්ල වන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

තවද විපතට පත් වූ පිරිස මුදවා ගැනීම සඳහා බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මේ වන විටත් යොදවා ඇති බවද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ගිහාන් සෙනවිරත්න මහතා සඳහන් කර සිටියේය.

හල්දුම්මුල්ල, මීරියබැද්ද වත්ත ප්‍රදේශය මේ වන විට නාය යමින් පවතින බව ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය පවසනවා.

අදාළ ප්‍රදේශයේ පිහිටි වතු නිවාස පේලි 80ක් පමණ පස් කඳු වලින් යටවී ඇති බවත්,මල සිරුරු 2ක් හමු වී ඇති බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

එසේම එම ප්‍රදේශයේ සිටින ප්‍රදේශවාසීන්ගේ සහය සඳහා මේ වන විටත් මෙහෙයුම් ආරම්භ කර ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යාක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් අදාළ ප්‍රදේශයේ සිටි පිරිස පිළිබඳව මෙතෙක් නිසි තොරතුරක් ලැබී නොමැති බවද වාර්තා වෙයි.

Seven line houses are under in following a landslide in weeriyabedda – Kotabathna – haldummulla in Badulla District.

A row of line houses in the Haldemulla area in Badulla have been damaged due to a landslide this morning and 2 bodies have been recovered buried under the rubble.
The Disaster Management Centre said that the rescue operations are underway with the help of the army and the police.