පැතුම් නිස්සංක ගෙන් වාර්තාවක්.. ඇෆ්ගනිස්තානයට 382 ක ඉලක්කයක්

ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 03 ක් දැවී
ලකුණු 381 ක් ලබා ගැනීමට සමත්වුණා.

පැතුම් නිස්සංක අගනා ලකුණු 210 ක් නොදැවී ලබා ගනිමින් ශ්‍රී ලංකා නව වාර්තාවක් තැබීමට සමත් වුනා.

ඒ, ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයක දී ක්‍රීඩකයකු වාර්තා කළ වැඩිම ලකුණු වාර්තාව අලුත් කරමින්.

2000 වසරේ සාජා පිටියේ දී ඉන්දියාවට එරෙහි ව සනත් ජයසූරිය වාර්තා කළ ලකුණු 189 වාර්තාව අලුත් කිරීමට ඔහු සමත් වූ අතර
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකු වාර්තා කළ පළමු ද්විත්ව ශතකය ද එය වනවා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *