පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන් එක්දින තරගාවලියේ පළමු තරගය ලකුණු 42 කින් ජයගන්නට ශ්‍රී ලංකාව
අද සමත් වුනා.
කාසියේ වාසිය දිනු ඇෆ්ගන් නායකයා මුලින්ම පන්දු රැකීමට තීරණය කළා. එම තීරණයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 03 ක් පමනක් දැවී
ලකුණු 381 ක් ලබාගැනීමට සමත් වුණා.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කල පැතුම් නිස්සංක නව වාර්තාවක් සමගින් නොදැවී ලකුණු 210 ක් ලබා ගත්තා.
අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 88 ක් සහ සධිර සමරවික්‍රම ලකුණු 45 ක් ලකුණු පුවරුවට එකතු කළා.

පිළිතුරු ඉනිම ඇරඹු ඇෆ්ගන් කණ්ඩායමේ මුල් කඩුළු 05 ක් ම ලකුණු 50 ක් තුල බිඳ වැටෙද්දී 06 වන කඩුල්ල වෙනුවෙන් විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩ නගන්නට අස්මතුල්ලා ඔමාර්සයි සහ මොහොමඩ් නබි සමත් වුනා.
මොහොමඩ් නබි ලකුණු 136 ක් සහ අස්මතුල්ලා නොදැවී ලකුණු 149 ක් රැස් කරමින් ඇෆ්ගන් කණ්ඩායම ප්‍රභල තත්ත්වයකට ගෙන ආවා.
නියමිත පන්දුවාර 50 අවසානදී ඔවුන් කඩුළු 06 ක් දැවී ලකුණු 339 ක් ලබා ගත්තා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *