යෝෂිතට ඇප.

Yoshitha Rajapaksa

සී.එස්.එන් නාලිකාවේ සිදුවූ බව කියන මූල්‍ය අක‍්‍රමිකතා චෝදනාවක් හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් පස්දෙනාට අද (14) ඇප නියම කෙරුණා.

ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයින්තුඩුව මහතා විසින්.

ඒ අනුව එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් දස ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කරන බවයි මහාධිකරණ විනිසුරුවරයා ප‍්‍රකාශ කළේ.

එමෙන්ම අදාළ සැකකරුවන්ට විදෙස් ගමන් තහනමක්ද පනවනු ලැබුවා.

නඩු කටයුතු සඳහා අවශ්‍ය සහය ලබාදෙන ලෙසද මහාධිකරණ විනිසුරුවරයා මෙහිදී නියෝග කර තිබෙනවා.

එමෙන්ම ඇප ලබාදීමේ නියෝගයේ පිටපතක් කඩුවෙල මහේස්ත‍්‍රාත්වරයා වෙත ෆැක්ස් මගින් යොමු කරන බවද විනිසුරුවරයා ප‍්‍රකාශ කළා.

ඒ අනුව අද (14) පස්වරුවේ යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් පස්දෙනා කඩුවෙල මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරෙනු ඇති.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනුනේ ඉකුත් ජනවාරි මස 30 වනදායි. ඒ, පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාසය විසින්.

රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු යෝෂිත රාජපක්ෂ මහතාගේ වැඩ තහනම් කිරීමට නාවික හමුදාව තීරණය කළා.

යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු පිරිස දින 44 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *