ඇමති රාජිතට හෘදයාබාධයක්,සිංගප්පුරු රැගෙන යාමේ සුදානමක්.

223960524rajitha

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (19) පස්වරුවේ හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනව.ඒ මහතා දැනට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන අතර හෙට (20) දිනයේ වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පුරුව සඳහා පිටත් වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය පරික්ෂාවක් සඳහා අද පස්වරුවේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව ඒ මහතාගේ මාධ්‍ය ලේකම් නිපුන ඒකානායක මහතා සඳහන් කරයි.

එහිදී ඥාතීන් සහ සමීපතමයින් අමාත්‍යවරයාට කළ ඉල්ලීම් මත ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා සිංගප්පූරුවේ රෝහලකට ඇතුළත් කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනූව අදාළ පරීක්ෂා කිරීම් සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද රාත්‍රියේ සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිත බව අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා සඳහන් කළේය.

එහිදී  අවශ්‍ය වුවහොත් අමාත්‍යවරයාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට නියමිතව තිබේ.

සිංගප්පූරු වෛද්‍ය පරීක්ෂණ වලින් අනතුරුව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා 22 වනදා ඉන්දියාවේ පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමුළුවකට සහභාගීවීමට නියමිතය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *