ජෝන් කී දිවයිනට.

John key

නවසීලන්ත අග‍්‍රාමාත්‍ය ජෝන් කී මහතා දිවයිනට පැමිණියා. ඔහු සමග දස දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් දිවයිනට පැමිණී අතර ඔවුන් 27 වනදා තෙක් මෙරට රැදි සිටිනවා.

සිය සංචාරය තුළදී නවසීලන්ත අග‍්‍රාමාත්‍යවරයා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන්ද හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි. විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ නවසීලන්ත අග‍්‍රාමාත්‍යවරයාගේ ශී‍්‍ර ලංකා සංචාරයේ අරමුණ දෙරට අතර දේශපාලන සහ ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීම බවයි. එ් මහතා හෙට ශී‍්‍ර ලංකා වාණිජ මණ්ඩලයද අමතනවා.

නවසීලන්තයේ දැක්මට අනුව ශ්‍රී ලංකාව ආසියානු රටවල් අතර දීප්තිමත් එළියක් වී ඇති බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා පවසයි.

අද(24)ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා අතර දෙරට වෙනුවෙන් අත්සන් කරන්නට යෙදුණු ගිවිසුම් කිහිපයකට පසු රැස්ව සිටි පිරිස් අමතමින් ජෝන් කී මහතා මෙම අදහස් පළ කළේය.

ජාතින් අතර සංහිඳියාව හා ඉකුත් කාලයේ සිදුවුණු දූෂණ අක්‍රමිකතා සෙවීම ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මේ මොහොතේ මුහුණදෙන අභියෝගය බවත්,ඊට ජනාධිපතිවරයා සාර්ථකව මුහුණදෙන බවත් හෙතෙම සඳහන් කළේය.

එළඹ ඇත්තේ දෙරටටම සමීප මිතුරන් ලෙස සහයෝගයෙන් යුතුව නැඟී සිටීම අවස්ථාව බවත්,ඒ වෙනුවෙන් කැපවී ක්‍රියා කරන බවත් ජෝන් කී මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

ජාත්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදි සංගමයේ විධායක කමිටුවට සහ විදේශ කටයුතු පිළිබද ස්ථාවර කමිටුවටද ජෝන් කී මහතා සහභාගි වනු ඇති. මෙම සමුළුවේදී යුද්ධයෙන් පසු ශී‍්‍ර ලංකාව නැවත ගොඩනැංවීම, ශී‍්‍ර ලංකාව සංවර්ධනය කිරීමේ උපාය මාර්ග, කලාපය තුළ ප‍්‍රජාතන්ත‍්‍රික අභියෝගයන් පිළිබද හා කලාපීය ආරක්‍ෂක ගැටලූ පිළිබද දේශණ පැවැත්වීමට නියමිතයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *