ඇඹිලිපිටිය පොලිස් ලොක්කා යලිත් ඇතුලට.

Sri-Lanka-Police

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනලදුව රිමාන්ඩ් භාරයේ සිටින ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී DWC ධර්මරත්න මහතා යළි මාර්තු මස 02 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අදාළ නඩුව(17)කැඳවූ අවස්ථාවේදී ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා විසින් මෙම නියෝගය නිකුත් කළ බව අදදෙරණ වාර්තාකරු පවසයි.

පසුගිය දිනෙක ඇඹිලිපිටිය නවනගරය ප්‍රදේශයේ පැවති රාත්‍රී සාදයක් අතරතුර පොලීසිය හා එම සාදයට සහභාගිවී සිටි පිරිස් අතර ඇතිවූ ගැටුමකින් අනතුරුව සුමිත් ප්‍රසන්න නමැති එක්දරු පියා ඉහළමාලයෙන් පොළොවට ඇදවැටී බරපතළ තුවාල ලබා රෝහල් ගත කර සිටියදී ජීවිතක්ෂයට පත්විය.

තම සැමියා පොලිස් නිලධාරීන් විසින් පහරදී බිමට තල්ලු කොට ඝාතනය කළ බව ට සුමිත් ප්‍රසන්නගේ බිරිඳ විසින් ප්‍රකාශ කළ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් වැළකෙනු පිණිස දිවයාමේදී අදාළ පුද්ගලයා ඉහළ මාලයෙන් ඇදවැටී ඇති බවයි.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී තිබුණේ කැපුම් තුවාල හේතුවෙන් අධික රුධිර වහනය නිසා මෙම මරණය සිදුවූ බවයි.

කෙසේ වෙතත් මෙම සිද්ධියට අදාළව සහකාර පොලිස් අධිකාරී ඪ්WC ධර්මරත්න,ඇඹිලිපිටිය පොලීසියේ හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.ආර් ජිනේන්ද්‍ර ඩයස් ඇතුළු සැකකාර පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීට පෙරාතුව අධිකරණය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබිණි.

ඒ අනුව  සැකකාර සහකාර පොලිස් අධිකාරීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඔහු අත්අඩංගුවට ගැනීම සිදුවිය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *