චින ආක්‍රමණයක්; ආරක්ෂක ලේකම් කියයි.

karunasena hettiarachi

සාම්ප්‍රදායික ආරක්ෂක ක්‍රමවේදයෙන් බැහැරව මෙරට ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යෙමු කර ඇති බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ දේශපාලන, සමාජ, ආර්ථික අංශයහි ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කර ඇති බවයි.

ඊයේ කොළඹ  පැවැති උත්සවයකට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මෙම අදහස් පල කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙන්නේ මෙරට පුත්තලම සිට හම්බන්තොට දක්වා මුහුදු තීරය ආශ්‍රීත ප්‍රදේශවල සංවර්ධන ව්‍යාපෘති සිදු කිරිමේදී චීන ආක්‍රමණයක් සිදුව ඇති බවයි.

රටේ ආරක්ෂාව සිදු කිරිමේදී මෙවන් කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරිමේ පුළුල් වැඩපිළිවෙළලක් ක්‍රියාත්මක කළ යුතු බව  ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *