හිටපු ජනපති අද දූෂණ කොමිසම හමුවට.

Mahinda Rajapaksa, former President of Democratic Socialist Republic of Sri Lanka
Mahinda Rajapaksa, former President of Democratic Socialist Republic of Sri Lanka

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (15දා) බරපතළ වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත.
කොමිසම හමුවේ විභාග කරන පැමිණිල්ලක් සම්බන්ධයෙන් කරන පරීක්ෂණය සඳහා පෙනී සිටින ලෙස කොමිසම විසින් කරන ලද දැනුම්දීමකට අනුව ඔහු මෙසේ පෙනී සිටීමට නියමිතව ඇත.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ ප්‍රචාරය කිරීමට ගිවිස ගෙන තිබූ දැන්වීම්වලට වඩා රුපියල් කෝටියකට වැඩි දැන්වීම් ප්‍රමාණයක් ප්‍රචාරය කරවාගෙන ඒ වෙනුවෙන් ගෙවිය යුතු මුදල් නොගෙවීමත්, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රචාරය කිරීමට ගිවිස ගෙන තිබූ දැන්වීම්වලට වඩා අඩුවෙන් ප්‍රචාරය කිරීම නිසා ස්වාධීන රූපවාහිනී සේවයට ලැබිය යුතු තිබූ විශාල මුදලක් අහිමිවීම මගින්ද රජයට පාඩු සිදුවීමත් සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය සිදුකෙරේ.