විමල් සහ නාමල් FCID වෙත කැදවයි.

FCID

ජාතික නිදහස් පෙරමුණේ නායක, එජනිස කොළඹ දිස්ත‍්‍රික් අපේක්‍ෂක විමල් වීරවංශ මහතා සහ ඔහුගේ බිරිඳ පිළිවෙළින් අගෝස්තු 13 වැනිදා සහ 12 වැනිදා මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා ඇති බව එම පක්ෂය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය මේ බව කියා සිටියි.

නීතිඥ කපිල ගමගේ මාර්ගයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට අද(10)  යැවූ  ලිපියක් මගින් මේ බව දක්වා ඇති අතර එහි සඳහන් කර ඇත්තේ මැතිවරණය අවසන් දිනවල මෙවැනි ක්‍රියාමගින් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කරන බවයි.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට අනිද්දා දිනයේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.

මෙය සිය මැතිවණය ව්‍යාපාරය කඩාකප්පල් කිරීමේ ක‍්‍රියාවක් බව මේ සම්බන්ධයෙන් සිට ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් හෙතෙම පවසා ඇත.