රවීගේ පිරිසට වෙඩි තැබු හැටි මෙන්න.

11702753_1609180112696458_4370554062743829521_n

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ආධාරකරුවන් පිරිසක් කොටහේන, බ්ලූමැන්ඩල් පාරේ ශාන්ත බෙනඩික් ක්‍රිඩංගණය අසළ මැතිවරණ ප්‍රචාරක කටයුත්තක නිරතව සිටියදී වාහන දෙකකින් පැමිණි පිරිසක් වෙඩි තබා ප‍ළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ 12 දෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවද එම කාර්යාලය පැවසීය.

මේ අතර ප්‍රහාරයෙන් තුවාල ලැබූ මැදිවියේ කාන්තාවක් ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේය.

එසේම තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා සිටින බවත්, ඔවුන්ට හදිසි ප්‍රතිකාර ආරම්භ කර ඇති බවත්, ඒ මහතා පැවසීය.

අද පෙරවරු 11.45ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි සඳහන්ය.

කළු පැහැති හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් තම ආධාරකරුවන්ට වෙඩි තැබූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ මැතිවරණ නීතිය ඉහළින් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගනිමින් සිටියදී සැලසුම් සහතගව සිදු කළ එම ප්‍රහාරය හෙළාදකින බවයි.

11796375_1609180162696453_381526851470144850_n 11816988_1609180136029789_8454447613583553905_n 12312341`3431`3