සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශය මුලින්ම ජනපති මෛත්‍රිට,මහින්ද සමගින් එලි දැක්විම අද.

 

Mahinda-Maithri-1-720x480

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පිළිගන්වා තිබේ.

අනුර ප්‍රියදර්ශන යාපා,  දිනේෂ් ගුණවර්ධන,  ඩිලාන් පෙරේරා ඇතුළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන් පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිවසට අද උදෑසනම ගොස් එය පිළිගන්වා ඇත.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය “අනාගතයට සහතිකයක්‌” යන්න තේමාකරගෙන ඉදිරිපත් කරන තම ප්‍රතිපත්ති ප්‍රකාශය අද (28 දා) පෙරවරු 9.30 ට හැව්ලොක්‌ටවුන් හෙන්ද්‍රි පේදිරිස්‌ ක්‍රීඩාංගණයේදී එළිදැක්‌වේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට අයත් දේශපාලන පක්‍ෂ 28 ක නායකයන් සහ වෘත්තීය සමිති ඇතුළු සිවිල් සංවිධාන 100 ක පමණ නියෝජිත පිරිසක්‌ සහභාගි වීමට නියමිතය.

සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්‌වීම සඳහා නෙළුම්පොකුණ හා බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉල්ලා සිටියත් එය ලබාදීම ආණ්‌ඩුව විසින් ප්‍රතික්‌ෂේප කළ බව සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.