සියලු බල තල ගන්න සැලසුම් සමගින් TNA ප්‍රතිපත්ති එලියට.

2015_Jul_6_5

උතුරු පළාත් සභාවට සියලු බලතල ලබාගැනීම පදනම් කරගනිමින් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වා තිබේ.

යාපනය, උඩුවිල්, මරදනාර්තෝට්ටම් ක්‍රීඩාංගණයේ දී  දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ උත්සවය පැවැත්වුණි.

උතුරු නැගෙනහිර ගැටලුවට විසඳුම් සෙවීම සඳහා බලය විමධ්‍යගත කෙරෙන ෆෙඩරල් ක්‍රමයක් තම අපේක්ෂාව බව  එම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් දැක්වෙයි.

එක්සත් නොබෙදුන් ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදාහැරීම සඳහා අවශ්‍ය යෝජනා රැසක් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පෙන්වා දී තිබේ.