හිටපු ජනපති සන්ධාන මංගල රැළිය අමතයි. ( විඩියෝ/ඡායාරූප සහිතයි )

අගමැති තුමාට කූනිස්සාගෙන් ඉස්සත්, තෝරාගෙන් මෝරාත් වෙන්කර ගන්න බැරි නමුත් කරිජ්ජ පෑගු තමාට තෝරාගෙන් මෝරාත්, පරවාගෙන් පරයාත් වෙන්කර ගන්න පුළුවන් යැයි හිටපු ජනා‍ධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර, සල්ගාදු පිටියේදී දැන් පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංගල රැළියට සහභාගි වෙමිනි.

තමන් ජනපතිවර‍ණයෙන් පරාජයට පත්වූ පසුව මෙරට බොහෝ ජනතාව තමා සොයාගෙන මැදමුලනට ආ බව ඒ මහතා කියා සිටියේය.

කොටි කැති ගෑව පවුල්වල අයත් මෙතැන ඇති බවද කී ඒ මහතා එදා ගම්වලට මාසයකට මළ මිනී කීයක් ආවාදැයි මතකදැයි ප්‍රශ්න කළේය.

එම ලේ ගංඟා ව නතර ක‍ළ තමාට  පිළිලය යැයි කියූ බවත්, තමන්ද පිළිලය ඒ කියන අයද පිළිලය යැයි හිතාගත යුතු බවද ඔහු පැවසීය.

එසේම එදා තමන් බලයට පත්වන විට මෙම ගම්මානවලට විදුලිය, අඩු තරමේ හරි හැටි පාරක්වත් තිබුණේ නැති බවද රාජපක්ෂ මහතා කීවේය.

ලෝකයේ සීඝ්‍රයෙන්ම සංවර්ධනය වූ නගරය බවට කොළඹ පත් කළ බවත්, එය කළේ දින 100න් නොවන බවත්, ඒ මහතා පෙන්වාදුන්නේය.

අඩුම කාලයකදී වැඩිම මැතිවරණ සංඛ්‍යාවක් තබා මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළේ තමා බවද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

පක්ෂයේ සභාපතිධූරය තමාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී තමන් බාරදුන් බවත්, ශ්‍රීලනිපය රැක ගැනීමට ඕනෑම පරිත්‍යාගයක් කරන බවත්, හෙතෙම කීවේය.

තමන් පරාජයට පත්වි බලය ලබාදුන් අවස්‍ථාවේදී අගවිනිසුරු  හා නීතිපතිවරයා ගෙන්වාගෙන කුමන්ත්‍රණයක් කළ බවට චෝදනා කළ බවත්, එසේ කළේ ලෝකයා ඉදිරියේ අප අපකීර්තියට පත් කිරීමට බවත්, හෙතෙම ප්‍රකාශ කළේය.

තමන් ලබාදුන් අටපිරිකර, සිල් රෙදි ගැනද පොලීසිය විසින් ප්‍රශ්න  කළ බවද, මෙය යහපාලනයදැයි රාජපක්ෂ මහතා ප්‍රශ්න නැගුවේය.

සජිත් ප්‍රේමදාස මහතා දැන් කෑ ගසන බවත්, කොටින්ට අවි ආයුධ දුන්නා මතකදැයි කියා සිටි ඒ මහතා පොලීසියේ 600ක් ඝාතනය කළා අමතකදැයි ද විමසා සිටියේය.

තමන් මවුබිමට හෝ ජනතාවට ද්‍රෝහි වී නැති නමුත් තමන්ට ඇඟිල්ල දිගු කරන බවත් හෙතෙම පැවසීය.

විදේ‍ශ බලවේග හමුවේ කොන්ද නොනැමු නිසා මෙවැනි චෝදනා නගන බවත්, කණ්ණාඩිය ඉදිරියට ගිහින් බැලුවොත් ද්‍රෝහියා කවුදැයි පෙනෙනු ඇති බවත්, ඇඳුම් ඇඳගෙන කණ්ණාඩිය ළඟට ගිහින් බලන ලෙසත්, රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේය.

අගමැතිතුමාට කූනිස්සාගෙන් ඉස්සා අඳුරා ගන්නත්, තෝරාගෙන් මෝරා වෙන්කර ගන්නත් බැරි නමුත් කරිජ්ජ පෑගු තමාට තෝරාගෙන් මෝරාත්, පරවාගෙන් පරයා වෙන්කර ගන්නත් පුළුවන් යැයි පැවසීය.

තේ මිල, වී මිල, රබර් මිල අඩු වී ඇති බවත්, ආර්ථිකය කඩා වැටී ඇති බවත්, මාස 6ක් සිටි මෙම කණ්ඩායම අවුරුදු 5ක් සිටියොත් කෙසේ වේදැයි හෙතෙම වැඩිදුරටත් ප්‍රශ්න කළේය.

මෙම රැලිය සඳහා එක්සත් ජනතා සන්ධානයේ මහ ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත්, ශ්‍රීලනිප මහලේකම් අනුර යාපා, විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා, හිටපු අග්‍රාමාත්‍ය දීමු ජයරත්න ඇතුළුව පක්ෂ හා සංවිධාන රැසක නියෝජිතයින් මෙන්ම විශාල පිරිසක් එක්ව සිටියහ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අද අනුරපුර, සල්ගාදු ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට මත්තෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ජයශ්‍රී මහබෝ සමිඳු වැඳ ආශිර්වාද ලබා ගැනීමටද කටයුතු කර තිබිණ.

11717396_10152848901091467_3295051769221161049_o1911125_10152848899181467_5291344024709326178_o  11695950_10152849112581467_8939379178084219239_n10299157_10152849112216467_4299889438178020892_n11709687_10152849110956467_4839658595567727377_n20221_10152849113091467_2807917628943755773_n11745967_10152849111806467_5816639385813483889_n11745945_10152849110771467_2652658984428613183_n 10647076_10152849111411467_7862472951418853313_n 11403119_10152849112686467_8426284618498177264_n    11745714_10152849111406467_6499124687886951799_nx2x5-1024x655X8-1024x645