වැටුනු රටට පණ දෙන සන්ධානයේ පලමු රැළිය අද.

11071580_10207358333496285_6002257862349303267_n

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ප්‍රථම මැතිවරණ ප්‍රචාරක රැලිය අද (17 දා) පස්‌වරු 3.00 ට අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

“රටට පණ දෙමු” තේමා කරගෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා සන්ධානයේ සියලු දේශපාලන පක්‍ෂවල නායකයන්ගේ සහභාගිත්වයෙන් මෙය පැවැත්වෙනු ඇත.

මහජන රැලිය ආරම්භ වීමට පෙර එදින පෙරවරුවේ ජයශ්‍රී මහා බෝධීන්වහන්සේ අබියසදී ආගමික වතාවත් සිදුකෙරෙන අතර එහිදී විශේෂ ආශිර්වාද පූජාවක්‌ ද පැවැත්වේ.

මෙම ආශිර්වාද පූජාව සඳහා මැතිවරණ දිස්‌ත්‍රික්‌ක 22 ට සන්ධානයෙන් තරග කරන අපේක්‍ෂකයන් සියලු දෙනා සහභාගි වෙති.