මහින්ද සන්ධාන කමිටු සභාපතිවෙයි… නිදහස් පක්ෂ නායකකම වාරණයකින් වැලකෙයි?

313313131313

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටු සභාපති ලෙස පත්කර ගත් බව මහජන එක්සත් පෙරමුණේ නායක,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේශ් ගුණවර්ධන මහතා පවසයි.

අද(15) පෙරවරුවේ ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානයේ සන්ධාන නායකයින්ගේ සහභාගිත්වයෙන් යුතුව පැවති මැතිවරණ මෙහෙයුම් කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බව හෙතෙම කියා සිටියි.

ශ්‍රීලනිපයේ සභාපති මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවර මැතිවරණයේදී පක්ෂග්‍රාහිත්වයකින් තොරව කටයුතු කරන බව ඊයේ දිනයේ නිවේදනය කළේය.

එම නිවේදනයත් සමගින් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය දියත් කළ යුතු ආකාරය පිළිබඳ වැදගත් තීන්දු තීරණ හදිසියේ ගැනීමට සන්ධාන නායකයින්ට සිදුවිය.

මේ අතර ශ්‍රීලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් කැඳවා තිබූ පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම අවලංගු කර ඇති බව වාර්තා වනවා.

පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි රැස්වීම අවලංගු කර ඇති බවයි.

අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා නිවේදනය කර තිබුණේ අදාල මධ්‍යම කාරක සභා රැුස්වීම අද රාත‍්‍රී 08.00 පැවැත්වෙන බවයි.

ඒ සඳහා එහි සියලූ සාමාජිකයින් කොළඹ පදනම් ආයතනය වෙත පැමිණිය යුතු බවද මෙම නිවේදනයේ දැක්වුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් අනුදැනුමකින් තොරව මධ්‍යම කාරක සභාව රැස්කිරීම අත්හිටුවමින් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අද (15) රාත්‍රීයේ පැවැත්වීමට නියමිතව පැවති මධ්‍යම කාරක සභාව රැස්කිරීම කොළඹ දිසා අධිකරණය විසින් අත්හිටුවා ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මේ අතර  ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාව අද රාත්‍රීයේ රැස්වන බවට පක්ෂ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් පෙරවරුවේ නිවේදනයක් නිකුත් කර තිබිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමෙන් අනතුරුව ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයින් වන ජනක බණ්ඩාර තෙන්නකෝන්,ඩිලාන් පෙරේරා වැනි අය වහාම ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්කොට මෙම ප්‍රකාශය පිළිබඳ සාකච්ඡා කළ යුතුව ඇති බව කියා සිටියහ.

කෙසේ වෙතත් පක්ෂ‍යේ නායකත්වය දරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම මධ්‍යම කාරක සභාව රැස්නොකළ යුතු බවට ලිඛිතව පක්ෂ මහලේකම්ට දන්වා ඇති අතර එකී උපදෙස් නොතකා පක්ෂ ලේකම් විසින් කාරක සභාව රැස්විය යුතු බවට නිවේදනය කර තිබිණි.