සන්ධානය පාවාදි එජාපයට යටත්ව තරග කිරිමට පොට පාදාගත් අය මෙන්න.

1398248412_9

රාජිත සේනාරත්න, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, අර්ජුන රණතුංග, සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ, හේමාල් ගුණසේකර, නියෝමාල් පෙරේරා, එම්.කේ.ඩී.එස් ගුණවර්ධන, විජය දහනායක, අර්ල් ගුණසේකර, සරත් අමුණුගම, දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වෙන්ව තරඟ කිරීමේ සූදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

මේ පිලිබදව මාධ්‍යට අදහස් දක්වා තිබු ආමාත්‍ය රාජිත සේනාරත්න මහතා සදහන් කර තිබුනේ පාඨලී චම්පක රණවක,අර්ජුන රණතුංග යන අමාත්‍යවරුන් පිරිසක් ද  තමන් සමග අද (11) නාමයෝජනා අත්සන් තබන බවයි.නව ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසුව යහ පාලනය ක්‍රියාත්මක කිරීම උදෙසා දිගින් දිගටම පෙනී සිටියේ එක්සත් ජාතික පක්ෂය බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
යහ පාලනය බිහි කිරීම සඳහා තමන් සමග එදා එක්ව සිටි එක්සත් ජාතික පක්ෂය සමග මෙවර මහ මැතිවරණයට තරග කිරීමට තීරණය කළේ එම කැපවීම පදනම් කරගෙන බවයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය කොළඹ කැම්බල් පිටියේදී දැන් පැවැත්වෙනවා.
යහ පාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ සඳහා එහිදී අනුමැතිය හිමිවනු ඇති බවයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් සදහන් කර තිබෙන්නේ.

මෙලස එක්සත් ජාතික පක්ෂයට සන්ධායක් හරහා එක්වන පිරිස් එක්සත් ජාතික යහපාලන පෙරමුණ ලෙස අලියා ලකුණින් මැතිවරණයට තරඟ කිරීමට නියමිතය.

මේ අතර එක්සත් ජාතික යහපාලන පෙරමුණ යටතේ මෙවර මැතිවරණයට තරඟ කීරීමට සරත් ෆොන්සේකාගේ පක්ෂයට ආරාධනා කිරමට එක්සක් ජාතික පක්ෂය සහ ඒ සමඟ සන්ධානගතවු පිරිස් සුදානම් වනවා. සරත් ෆොන්සේකා මහතාට එක්සත් ජාතික යහපාලන පෙරමුණ යටතේ කුරුණැගල දිස්ත්‍රික්කයට තරඟකරන ලෙස ආරාධනා කිරීමටද ඔවුන් සුදානම්වන බවයි වාර්තාවන්නේ.