යුරෝපා සල්ලි ලංකා ඡන්දෙට පොම්ප වෙන හැටි මෙන්න.

FRANCE-EU-ECONOMY-CURRENCY

අගෝස්තු 17 වෙනිදා පැවැත්වෙන ශ්‍රී ලංකාවේ මහ මැතිවරණයට අදාලව රාජ්‍ය නොවන සංවිධානයක් සදහා මුදල් ආධාරයක් ලබා දිමට තමන් තිරණය කල බව යුරෝපා සංගමය සදහන් කර තිබේනවා.

ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙම මැතිවරණයේදී ඡන්ද දායකයින් දැනුවත් කිරීමට සහ නිරීක්ෂණ කටයුතු යන මාතෘකා යටතේ මේ මුදල් තමන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයට ලබාදිමට ගිවිසුමක් අත්සන් කළ බවයි.

ඒ යටතේ අදාළ ක්‍රියාකාරකම්  සඳහා යූරෝ මිලියන 1.2ක් ලබාදෙන බවද යුරෝපා සංගමය පවසනවා.

ශ්‍රී ලංකා මුදලින් එහි වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 174ක්.

ඇමරිකාව, යුරෝපා සංගමය ප්‍රමුඛ බටහිර රාජ්‍යන් ලෝකයේ තමන් වෙත නතු නොවන කලාපයන් සදහා හිතවත් ආණ්ඩු බිහිකිරිමට විවිධ අරමුණු පෙන්වමින් මුදල යොදවන බවත්,ඒ හරහා ආණ්ඩු මාරු කිරිම්,ජනමතය වෙනස් කිරිමට ප්‍රචාරණ උපක්ක්‍රම භාවිතය ආදිය සදහා තම මුල්‍ය ශක්තින් යොදන බවට වික්ලිස් වැනි වෙබ් අඩවි මගින් සාක්ෂි සහිතව පසුගිය කාලයේ හෙලිකර තිබුනා.