ඡන්ද කටේ බඩු අඩුවේ.

Sri Lankan opposition legislator Ravi Ka

එලබෙන මැතිවරණ සමයට ආසන්නව භාණ්ඩ මිල අඩුකරනු ඇති බවට පලව තිබු ඉගි සත්‍ය කරමින්, එජාප මැතිවරණ ප්‍රචාරක කටයුතු අරඹන ලබන 14 වැනිදාට පසු දින සිට එනම් ජුලි මස 15වනදා සිට ගෘහස්ත ගැස් මිල රුපියල් 100කින් හා රතු කැකුළු හාල් කිලොවක් රුපියල් 60කටත්,සුදු හාල් සහ නාඩු සහල් රුපියල් 69කටත් ලබාදිමට පියවර ගන්නා බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.මේ වන විට පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේදි අමාත්‍යවරයා මේ පිළිබදව ප්‍රකාශ කර තිබේනවා.

මිට පෙර පැවති රජය මැතිවරණ සමයන් තුල බඩු මිල අඩු කරමින් ඡන්ද මංකොල්ල කන බවට එවකට විපක්ෂයේ සිටි පිරිස් චොදනා කල අතර වර්තමානයේදි ඔවුන්ද තම බලය මැතිවරණ සමය තුල ජනතා ඡන්ද බීලී බා ගැනිම සදහා මෙසේ යොදවමින් සිටින බවට විචාරක චොදනාවන්ට ලක්ව සිටිනවා.