20 ව්‍යාකූල වුනා; ජනපති කියයි.

President of Sri Lanka Maithripala Sirisena

නොවැම්බර් 21 සිට ජනවාරී 8 වෙනතුරු ශ්‍රීලනිපය තමන්ට සැලකුවේ ද්‍රෝහියෙකු ලෙස යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

තමන් ශ්‍රිලනිපයෙන් එළියට බැස්සේ අවුරුදු 37ක් තිස්සේ කර ගැනීමට නොහැකි වූ ජනාධිපති තනතුරේ විධායක බලතල අහෝසි කිරීමට බව හෙතෙම කියයි.

ඊට පෙර බිහිවූ නායකයින් එසේ නොකරද්දී,  තමන්ට බලය ලද විගස එය එසේ කළ බවත්, ජනාධිපතිවරයා පවසයි.

19  වැනි ව්‍යවස්ථා සංශෝධනය කෙසේ හෝ සාර්ථක කර ගත් බවද 20  වැනි සංශෝධනය විවිධ ගැටලු නිසා ව්‍යාකූල වූ බවද ඔහු කියයි.

ඒ අනූව ඉදිරි‍ මැතිවරණයෙන් ජයගන්නේ කවර පක්ෂයක් වුවද එම ජයග්‍රාහි පක්ෂය දින 100ක් ඇතුළත නව මැතිවරණ ක්‍රමය ස්ථාපිත කිරීමට කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

‍ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශිෂ්‍ය පෙරමුණේ වෙබ් අඩවිය එළිදැක්වීම වෙනුවෙන් එම  පක්ෂ මූලස්ථානයේදී අද දහවල් පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා මේ අදහස් දැක්වීය.