මත්පෙති සමග අල්ලාගත් සැකකරු රතන හිමිගේ නම කියලා

Athuraliye-Rathana-himi
එක්ස්ටර්සි මත්පෙති විකිණිමට තැත් කිරිමේදි උපාය දුතයෙකු මාර්ගයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්ඩන්ගුවට ගැනිමට සුරාබදු දෙපාර්තමේන්තුවේ,මත්ද්‍රව්‍ය නාශක අංශයේ නාරාහෙන්පිට කාර්යාලය සමත්ව තිබෙනවා.

අතඩන්ගුවට ගත් පිරිස අතර සිටි නලින්ද ලක්ෂිත නම් පුද්ගලයා තමන් පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියන්ගේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධිකරණ ලේකම් ලෙස කටයුතු කරන බවට ප්‍රකාශයක් ලබා දුන් බව එකකයේ ස්ථානාධිපති පතිරණ මහතා සදහන් කර සිටියා.

අල්ලා ගත් තවත් පුද්ගලයෙකු සතුව තිබී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හැදුනුම්පතක්ද සොයාගෙන තිබේනවා.එහි අසංග විරක්කොඩි ලෙස නම සටහන්ව තිබෙන බවද සදහන්.