රවි ජුලි හය ඉවරද?

Sri Lankan opposition legislator Ravi Ka

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය ලබන ජූලි මස 6 වැනිදා විවාදයට ගන්නා බව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

කෙසේ වුවද මීට පෙර දැනුම්දී තිබුණේ අදාළ විශ්වාසභංගය ජූලි මස 04 වැනිදා විවාදයට ගන්නා බවයි.

විපක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් විසින් මෙම විශ්වාසභංග යෝජනාව භාරදී ඇති අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිද ඔවුන් විසින් විශ්වාසභංගයක් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත පසුගියදා බාරදෙන ලදී.

එසේ වුවද එම විශ්වාසභංගය විවාදයට ගැනීම සඳහා මෙතෙක් දිනයක් නියම කර නැත.