රනිල් නිර්භිත නායකයෙක්: ඇමති කිරිඇල්ල

Lakshman-Kiriella

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ කාලයේදී රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල වූ  චෝදනාවලට ඔහු උසාවියට ගොස් විත්තිකූඩුවට නැඟ සාක්ෂි ලබාදුන් බව වැවිලි කර්මාන්ත අමාත්‍ය  ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

එහෙත් අද ඇතැමුන් උසාවියාමට බියෙන් කෑ ගසමින් පරීක්ෂණ කඩාකප්පල් කිරීමට උත්සාහ කරන බවත්, එසේ බැලූවිට රනිල් වික්‍රමසිංහ මහතා නිර්භීත නායකයෙක් බවත්, ඔහු පෙන්වාදෙයි.

හොරු ඇල්ලීම සඳහා පරීක්ෂණ කරගෙන යන විට පලිගන්නවා යැයි කියමින් කෑ ගසන බවත්, එසේ කෑ ගසන්නේ පරීක්ෂණවලට බිය අය  බවත්, එවකට චන්ද්‍රිකා ජනාධිපතිනියගේ ආණ්ඩුව සමයේ රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා එල්ල වෙද්දී ඔහු උසාවියට ගොස් සාක්ෂි දුන් බවත්, අමාත්‍යවරයා කියයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.