මන්තී‍්‍ර ධුර වැඩියි.. එජාපය කියයි.

united-national-party-unp-sri-lanka-logo

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුර සංඛ්‍යාව 237 ක් දක්වා වැඩි කිරීමට විරෝධය පළ කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය ලෙස කැබිනට් මණ්ඩය ඊයේ (12) අනුමත කළ යෝජනාවට අනුව දැනට තිබෙන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුර 225 , 237 ක් දක්වා වැඩි කිරීමට නියමිතයි. අදාළ මන්තී‍්‍ර ධුර සඳහා කොට්ඨාස ක‍්‍රමයෙන් 145 දෙනෙකු , දිස්ති‍්‍රක් සමානුපාත ක‍්‍රමයෙන් 55 දෙනෙකු සහ ජාතික ලැයිස්තුවෙන් 37 දෙනෙකු වශයෙන් මහජන නියෝජිතයන් තෝරා ගැනීමටද එයින් නිර්දේශ කර තිබෙනවා.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුර සංඛ්‍යාව වැඩි කිරීමේ මෙම යෝජනාව ජනතා කැමැත්තට පටහැනි බවයි එක්සත් ජාතික පක්ෂයේ අදහස වන්නේ. ඊයේ රැස් වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය එ් සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කළ බවද අදාළ යෝජනාවට විරෝධය පළ කිරීමට තීරණය කළේ එ් අනුව බවද එහි භාණ්ඩාගාරික නියෝජ්‍ය අමාත්‍ය  එරාන් වික‍්‍රමරත්න මහතා පැවසුවා. පවතින මත ගැටුම් හේතුවෙන් පාර්ලිමේන්තුව කඩිනමින් විසුරුවා හැරිය යුතු බවයි එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය වැඩිදුරටත් තීරණය කර තිබෙන්නේ.