‘මහින්ද සමඟ රට දිනවමු’ ජන රැළිය අද

10990051_853748238037491_2090510864584849985_n

මාතර නගරයේදී අද (12 දා) පස්‌වරුවේ පැවැත්වෙන ‘මහින්ද සමඟ රට දිනවමු’ ජන රැලියට පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් දෙසීයකට ආසන්න පිරිසක්‌ සහභාගි වීමට නියමිතය.

මෙම ජනහමුවට ඇමැතිවරුන් සිව් දෙනකු ඇතුළු එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැත්තෑවකට අධික පිරිසක්‌ සහභාගිවනු ඇතැයි සංවිධායක මණ්‌ඩලය සඳහන් කරයි.

බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පළාත් සභා මැති ඇමැතිවරු 120 කට අධික පිරිසක්‌ සහ පළාත් පාලන ආයතනවල හිටපු හා දැනට සිටින මහජන නියෝජිතයන් 300 ක පමණ පිරිසක්‌ සහභාගිවීමට නියමිතය.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට අයත් මහජන එක්‌සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්‌කාර, ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්‌ අලහප්පෙරුම යන මහත්වරුන් ඇතුළු පිරිසක්‌ මෙම රැලිය ඇමැතීමට නියමිතය.

 

10342776_853748088037506_1610465901975889173_n 11406482_853748144704167_4271463852623499416_n 11407187_853748218037493_675218809302714313_n 11429879_853748251370823_849808038585017860_n