පසුගිය වසර හයක දත්ත අනුව සංචාරක නගර අතරින් කොළඹ අංක එකට.

213131231`3`3

ලොව වේගයෙන්ම වර්ධනය වූ සංචාරක නගර අතර ප්‍රථම ස්‌ථානයට කොළඹ නගරය පත්ව තිබේ.

මාස්‌ටර් කාඩ් ආයතනය විසින් සිදුකර ඇති සමීක්‍ෂණයක්‌ අනුව පසුගිය වසර හය තුළ ලෝකයේ වඩා වේගයෙන් වර්ධනය වූ නගරය ලෙස කොළඹ නගරය පත්ව ඇත.පසුගිය රජය සමයේ කොළඹ ප්‍රධාන කර ගනිමින් සංචාරක පහසුකම් සහ නගර අලංකරන කටයුතු ක්‍රමවත්ව සිදු කිරිමේ ප්‍රතිපල මෙලෙස රටට ලැබෙමින් පවතිව බව සදහන්.
එහෙත් පසුගිය කාලය පුරාම කොළඹ සහ තදාසන්න නගර සංවර්ධන කටයුතු මෙන්ම නඩත්තු කටයුතුද නිසි පරිදි සිදු නොවන බවට චොදනා එල්ල වී තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද එම කටයුතු යලිත් ක්‍රමවත් කරන ලෙස පසුගියදා උපදෙස් ලබාදී තිබුනි.

වේගයෙන්ම වර්ධනය වූ සංචාරක නගර අතර දෙවැනි ස්‌ථානයට පත්ව ඇත්තේ චීනයේ චෙන්ග්ඩු නමැති නගරයයි

කොළඹ නගරයේ වර්ධනය 21.1% ක්‌ ලෙස සැලකෙන අතර දෙවැනි ස්‌ථානයට  පත් වූ චීන නගරයේ වර්ධනය 20.7% කි.

මෙම සමීක්‍ෂණයට අනුව ලොව වේගයෙන් සංවර්ධනය වූ නගර 10 ක්‌ දක්‌වා ඇති අතර, එහි තෙවැනි ස්‌ථානයට පත්ව ඇත්තේ අබුඩාබි නගරයයි.

ඉන් අනතුරුව පිළිවෙළින් ඔසාකා (ජපානය), රියාද් (සෞදිය), ෂී ඇන් (චීනය) තායිපේ (තායිවානය), ටෝකියෝ ලිමා (පේරු) හොචිමින්සිටි (වියට්‌නාමය) යන නගර පත්ව තිබේ.

මෙම නගර දහය අතරින් නගර හතක්‌ම ආසියාවේ නගර වීම ද විශේෂත්වයකි. මේ අතර එම සමීක්‍ෂණයට අනුව ලොව හොඳම ගමනාන්තය ලෙස ලන්ඩන් නගරය නම් කර ඇත.

බැංකොක්‌ සහ පැරිස්‌ නගර එහි දෙවැනි සහ තුන්වැනි ස්‌ථාන හිමිකර ගෙන තිබේ.