අද පාර්ලිමේන්තු විශේෂ සැසිය උණුසුම්වන ලකුණු.

65

පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබේ.

නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා පැවසුවේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා පත් කෙරෙන සිවිල් පුරවැසියන් තිදෙනා සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදය සඳහා පාර්ලිමේන්තුව රැස්වෙන බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ඒ.ටී.ආරියරත්න, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිවරියක මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාන්තාවන්ට සහ ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කමිටු නියෝජිතවරියක ලෙස කටයුතු කළ රාධිකා කුමාරස්වාමි සහ හිටපු අභියාචනාධිකරන විනිසුරුවරයෙකු වූ ඒ. ඩබ්ලිවු. ඒ සලාම් යන මහත්ම මහත්මීන් යෝජනා වී තිබේ.

ව්‍යවස්ථා සභාවේ සෙසු සියලු සාමාජිකයින් පත් කිරීම අවසන් බව  අජිත්.පී පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා පැයසුවේය.

ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන් පත්කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුව අද (03දා) දිනයේදී කැඳවූවත්, එය ඉටුවීම පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයක් උදාවී තිබේ.

එවැනි තත්ත්වයක් උදාවී ඇත්තේ ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන් පත්කිරීමට වඩා, මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවද සාකච්ඡාවට ගත යුතු බවට විපක්ෂයේ පක්ෂ නායකයන් කිහිප දෙනෙකු ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සූදානම් වීමත් සමගය.

දැනට පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙන රවි කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ගතයුතු බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි මතයක සිටින බැවින්, අද පෙරවරුවේ පැවැත්වෙන කණ්ඩායම් රැස්වීමද උණුසුම්කාරී වනු ඇතැයි දැනගන්නට ලැබේ.