රේගු අධ්‍යක්ෂක ජනරාල් ඉවත්වුනේ කරුංකා පුවක් නිසාද?

jagath p vijevira

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ කීර්තිමත් අධ්‍යක්‍ෂ ජනරාල්වරයකු වූ ජගත් පී. විඡේවීර මහතා ඊයේ (25 වැනිදා) සිය තනතුරෙන් ඉල්ලා අස්‌වී ඇත.

වසර තුනකට ආසන්න කාලයක්‌ රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ ඒ මහතා සිය ඉල්ලා අස්‌වීමේ ලිපිය ඊයේ (25 වැනිදා) දහවල් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාරදී තිබේ. රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමුකළ ලිපිය භාරගත් බවද මුදල් ඇමැති රවී කරුණානායක මහතා පැවසීය.

ප්‍රති අපනයනය කිරීම සඳහා වරායට ගෙන්වා තිබූ කරුංකා තොගයක්‌ මුදාහැරීමට ප්‍රබලයකුගෙන් දිගින් දිගටම බලපෑම් එල්ල වෙමින් තිබූ බවත්, අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ඉල්ලා අස්‌වීමට මෙම සිද්ධිය බොහෝ දුරට බලපාන්නට ඇතැයි රේගු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.