පොලිසියට උතුරේදි යලිත් පහර දෙයි,ජීප් රථයකට හානි,වෙඩි ප්‍රහාරයකින් අයෙක් රෝහලට..

 

Sri-Lanka-Police

කිලිනොච්චි – පලෙයි – උඩුතුරෙයි ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට ඊයේ (24) ගම්වාසීන් පිරිසක් ගල් මුල්වලින් පහර දී තිබෙන බව සදහන්.සැකකරු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියාට පොරවකින් පහරදීමට උත්සාහ කළ පුද්ගලයෙකුට එහිදී පොලීසිය වෙඩි තබා ඇති අතර මේ වන විට ඔහු පේදුරුතුඩුව රෝහලේ ප්‍රතිකාර ලබන බව සදහන්. සිද්ධියේදී පොලිස් ජීප් රථයකට ද හානි සිදුවී තිබෙනවා. පොලීසියට තොරතුරු ලබාදෙන බවට සැක කරමින් පුද්ගලයෙකුට පහර දුන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙය සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර තිබෙන්නේ.