යාපනය නොසන්සුන්;127ක් අල්ලයි (සංස්කරණය නොකල විඩියෝ සහිතයි )

https://www.youtube.com/watch?v=noobUKNBqkY

 යාපනය අධිකරණය අසළ නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 127 දෙනෙකු  අත්අඩංගුවට ගෙන තිබේ.

එසේම එම නොසන්සුන්තාවයේදී පොලීසියේ නිලධාරීන් 5 දෙනෙකුද තුවාල  ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

නීති‍ විරෝධී උද්ඝෝෂණ සංවිධානය කිරීම, රාජ්‍ය දේපළවලට හානි කිරීම හා පොලිස් නිලධාරීන්ට පහරදීම යන චෝදනා මත මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය, පුංකුඩුතිව් හි 18 හැවිරිදි පාසල් සිසුවියක දූෂණය කර මරාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ට එරෙහි දැඩි දඬුවම් පමුණුවන ලෙස බලකරමින් ‍යාපනය අධිකරණය පරිශ්‍රයට එක්වූ පිරිසක් විරෝධතා දැක්වීය.

එහිදී ඇති වූ වාතාවරණය හමුවේ අධිකරණයේ කටයුතුවලට ද බලපෑම් එල්ල වූ අතර අධිකරණයේ නියමයෙන් ඇති වූ තත්ත්වය පාලනය කිරීමට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන ලදී.

මෙම වාතාවරණය හමුවේ විරෝධතාකරුවන්ද අධිකරණය දෙසට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර ඊට හානි කළ බව වාර්තා විය.

20421_830925656944046_42033629278716707_n 1477628_830925663610712_753003486255503641_n 10985408_830925653610713_3415693720753686551_n 11096698_1009693339048821_2210277695133669747_n 11224479_1009693309048824_4888677612681528905_n 11259439_1009693469048808_5437713877109472935_n 11351229_1009693402382148_2293621790221159799_n