හිටපු ජනපති එක්වු රණවිරු සමරුව. ( ජායාරූප සහිතයි )

11252776_752807691503720_8272494346145457138_o

පෙර පැවති සෑම ආණ්ඩුවක්ම පාහේ ත්‍රස්තවාදය හමුවේ දණ නැමූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

වරෙක ජනාධිපතිවරයෙක් ඉන්දීය හමුදා ගෙන්වා,සාම ගිවිසුම් ගසා මේ රටේ උතුරු නැගෙනහිර ඉන්දියාවට බාරදුන් බව රාජපක්ෂ මහතා කියා සිටියි.

ඊළඟ ජනාධිපතිවරයා කොටින්ට ආයුධ ලබාදී,පොලීසියේ නිලධාරීන් 600 ක් පාවාදී, මිනිසුන් දහස් ගණනින් ඝාතනය කිරීමට එල්.ටී.ටී.ඊය ශක්තිමත් කළ බවද හෙතෙම සිහිපත් කළේය.

ඉක්බිතිව පැමිණි ජනාධිපතිවරිය තවලම් ගොස් ජාත්‍යන්තරය හමුවේ රට හෑල්ලුවට ලක් කළ බවත්,ස්වාධීනත්වය පාවාදුන් බවත් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ අද(18)විහාරමහාදේවි උද්‍යානයේ පැවති “නිදහසේ පහන්වැට”රණවිරු සැමරුම් උළෙලට එක්වෙමිනි.

තමන් බලයට පැමිණෙන අවස්ථව වන විටත්,මෙම කුරිරු ත්‍රස්තවාදය පරාජය කළ නොහැකි බවට කරුණු ඒත්තු ගැන්වීමට විදේශ බලවේග උත්සාහ කළ බවද ඔහු සිහිපත් කළේය.

එසේ වුවද එකී විදේශ බලවේග වලට වඩා මේ රටේ ජනතාව ගැනත්,ඔවුන්ගේ වීරෝධාර පුතුන් ගැනත් තමාට විශ්වාසයක් පැවති බව රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

තමාටද මෙම කටයුත්ත ඉටුකිරීමේදී මූල්‍ය අර්බුද ඇතුළු බාධක බොහෝ පැමිණි නමුත් එක වේලක් හෝ ජනතාව බඩගින්නේ තැබීම‍ට කටයුතු නොකළ බවද ඔහු අවධාරණය කළේය.

එසේ වුවද අද දවසේ සමහර නායකයින් රජයේ සේවකයින්ට වැටුප් ගෙවීමට හෝ මුදල් නොමැති බවට කතා කියන බව හෙතෙම සඳහන් කළේය.

අවසන් සටනේදී බෙදුම්වාදී කොඩිය බිම හෙළා සිංහ ධජය ඔසවන්නට තරුණයින් දහස් ගණනක් දිවි පිදූ බවත්,එසේ කරමින් රටට විජයග්‍රහණයක් උදාකර දුන්නේ නැවත මේ රටේ බෙදුම්වාදී කොඩිය එසවීමට නොවන බවත් ඔහු සිහිපත් කළේය.

එහෙත් එකී වීර දූ පුතුන් මේ තරම් ඉක්මනට අමතක කිරීමට හැකිවීම  සම්බන්ධයෙන් වත්මන් රජය කනගාටුවිය යුතු බව ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

තමාට අවලාද නැඟීම හෝ බොරු චෝදනා නැඟීම පිළිබඳ ගැටළුවක් නොමැති බවත්, එසේ වුවද තමා සමග වෛරය නිසා රටට දිනා දුන් දේ අහිමි කරන්න එපා යයි තමා ඉල්ලා සිටින බවත් හෙතෙම අවධාරණය කළේය.

එසේම තමා අවලාද නැඟුවත්,හිරේ දැම්මත් පමණක් නොව ජීවිත උදුරා ගත්තත් එසේ කිරීමට කිසිසේත්ම ඉඩනොතබන බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

11000116_752809084836914_2975001779985829582_o 11257743_752807978170358_8904543218602812900_o 11259348_752808044837018_2741201840261593471_o 11259853_752808698170286_7087180068603571446_n 11262441_752809208170235_1843096310465110389_o 11270264_752807678170388_3898968057888799570_o 11289427_752807648170391_6275105049954880643_o 11289519_752809081503581_7331158302149656736_o 11295902_824604084302698_3378689061272358001_n 11312757_752809121503577_8082372514902218065_o