විනිමය වංචා ඔප්පු නොවු රවී නිදහස් වෙයි.

2112214124124142

විනිමය පාලන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි මුදල් අමාත්‍ය රවි කරුණානායක  මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

විනිමය පාලන නීති  උල්ලංඝණය කරමින් අමෙරිකානු ඩොලර් මිලියන 03කට ආසන්න මුදලක් මහ බැංකුවට නොදන්වා කොළඹ පෞද්ගලික බැංකුවක තැන්පත් කළේය යන චෝදනා මත නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට චෝදනා ගොනු කර තිබුණි.

නඩුව විභාග කළ  අවස්ථාවේදී රවී කරුණානායක මහතාගේ පාර්ශවය වෙනුවෙන්  පෙනී සිටි නීතිඥයින් ප්‍රකාශ කළේ අදාළ චෝදනා පත්‍රයේ දෝෂ පවතින බැවින් එය නීතිය ඉදිරියේ විභාග කළ නොහැකි බවයි.

එය ප්‍රතික්ෂේප කළ රජයේ නීතිඥයින් අදාළ චෝදනා පත්‍රය නිත්‍යානුකූලව ඉදිරිපත් කර ඇති බව  අධිකරණය හමුවේ පෙන්වාදුන්නේය.

කරුණු සලකා බැලු කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය  අදාළ චෝදනා පත්‍රයේ දෝෂ රැසක් පවතින බැවින් එය නීතිය ඉදිරියේ පවත්වාගෙන යාමට නොහැකි බව තීරණය කළේය.

ඒ අනුව අදාළ විත්තිකරුවන්  චෝදනා වලින් නිදහස්  කරන බව  විනිසුරුවරිය ප්‍රකාශ කළේය.

ඇමරිකාවේ කෝටිපති ව්‍යාපාරික රාඡ් රාජරත්නම් සමඟ එක්‌ වී මෙම විනිමය නීති රීති උල්ලංඝනය කළ බවට මෙම නඩුවෙන් චෝදනා ඉදිරිපත් කර තිබිණි.