දකුණ සහෝදරත්ව/බේදුම්වාද පැරදවු දින සමරද්දි,උතුර කොටි සමරයි..අධිකරණයෙන් තහනමක්

12331`3`13`3`13

එල්.ටී.ටී.ඊ. සැමරුම් උත්සව පැවැත්වීම තහනම් කරමින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් ලබා දී තිබේ.

දෙමළ ජාතික මහජන පෙරමුණ විසින් ඉදිරි දින කිහිපය තුළ එල්.ටී.ටී.ඊ සැමරුම් උත්සව පැවැත්වීමය නියමිතව තිබුණි.

අදාළ සැමරුම් උත්වස සම්බන්ධයෙන් පොලීසිය විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස තහනම් නියෝගයක් අධිකරණයෙන් ලබා දී ඇති බව සඳහන්ය.

ඒ අනුව එළඹෙන 18 වැනිදා සිට දින 14ක් තුළ අදාළ සැමරුම් මුලතිව් පොලිස් බල ප්‍ර දේශය තුළ පැවැත්වීම   තහනම් කර  තිබේ.

මේ අතර රජය බෙදුම්වාදය පරාජය කිරීමේ සැමරුම් උලෙළ රාජ්‍ය අනුග්‍රහය සහිතව හයවැනි වරට අනිද්දා (19දා) මාතර සමුද්‍ර මාවතේදී පැවැත්වීමට නියමිතය.

එසේම ත්‍රස්තවාදය පරාජය කිරීමට දායක වූ සියලූ දෙනා සැමරීමේ උත්සවයක් හෙට (18) විහාරමහාදේවී උද්‍යානයේදී පවත්වන බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා. හිටපු අමාත්‍යවරයා නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මාතෘභූමි සංවිධානය පවත්වන උත්සවය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද සහභාගිවීමට නියමිත බවයි.හෙට සවස 5.00ට මේ සැමරුම් උළේල ඇරඹිමට නියමිතයි.