වානේ ආයෝජනය හා ඩුබායි මැරියට් අයිතිය ගැන හිටපු ජනපති කියයි.

Mahinda Rajapaksa, former President of Democratic Socialist Republic of Sri Lanka
Mahinda Rajapaksa, former President of Democratic Socialist Republic of Sri Lanka

වානේ සංස්ථාවේ හා ඩුබායි මැරියට් හෝටලයේ අයිතිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

මාධ්‍ය නිවේදනය: වානේ සංස්ථාවේ හා ඩුබායි මැරියන් හෝටලයේ අයිතිය පිළිබඳ විමර්ශනය.

වානේ සංස්ථාවේ ආයෝජනය කර තිඛෙන ඩොලර් මිලියන 48 ක් හා ඩුබායි මැරියන් හෝටලයේ ආයෝජනය කර තිඛෙන ඩොලර් මිලියන 190 ක මුදලක් සැබවින්ම අයිති මට මිස ඒවායේ අයිතිකරු හැටියට පෙනී සිටින නන්දන ලොකුවිතාන යන අයට නොවන බවට ඔවුන් වෙත ලැබී ඇති පැමිණිල්ලක් විමර්ශනය කරන බව දැනුම් දෙමින් මෑතකදී පිහිටුවන ලද පොලිස් මූල්‍ය අපරාධ ඒකකය කඩුවෙල මහේස්ත්‍රාත් උසාවියට —බී˜ වාර්තාවක් ඉදිරිපත් කොට ඇත. මෙකී විමර්ෂනය ආරම්භ කර ඇත්තේ නිර්නාමික ලිපියක අන්තර්ගතය මත බවද එම —බී˜ වාර්තාවේම සදහන් වේ. නිර්නාමික ලිපියක අන්තර්ගතය මත විමර්ෂනයක් ආරම්භ කළ බව කියමින් පොලීසිය —බී˜ වාර්තාවක් උසාවියට ඉදිරිපත් කිරිම ඉතාමත් අමුතු දෙයක් බව නොකිවමනාය.

මෙකී පොලිස් මූල්‍ය අපරාධ ඒකකය පිහිටුවා ඇත්තේ දේශපාලන විරුද්ධවාදීන්ට අසත්‍ය චෝදනා නගා හිරිහැර කිරීමටය. මෙම ඒකකයේ නීත්‍යනුකූලභාවය සහ වලංගු භාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නඩුවක්ද තිඛෙන බව වැඩිදුරටත් සඳහන් කරනු කැමැත්තෙමි. එජාපයේ දිගුවක් හැටියට කටයුතු කරන මෙම පොලිස් ඒකකය මෙකී —බී˜ වාර්තාව ඉදිරිපත් කිරිමට ඇත්තේ මට එරෙහිව සගවන ලද වත්කම් සම්බන්ධයෙන් උසාවියේ නඩු පවරා ඇති බවක් ජනතාවට ඒත්තු ගැන්වීමට විය හැක. මට එරෙහිව බොරු ප්‍රචාර ගෙන යෑමට මෙය ද භාවිතා කළ හැකි සූක්ෂ්ම උපක්‍රමයකි. මහමැතිවරණයක් ප්‍රකාශ කිරිමට නියමිත මෙවන් මොහොතක එවැනි ප්‍රචාරයක් පතුරුවා හැරිම අපගේ විරුද්ධවාදීන්ට ඛෙහෙවින්ම ප්‍රයෝජනවත් වනු ඇත. වානේ සංස්ථාව හා ඩුබායි හි මැරියන් හෝටලය අයිති ඒවාහි හිමිකරුවන්ට මිස මට නොවන බව මම ජනතාවට දැනුම් දීමට කැමැත්තෙමි.

මෙම පොලිස් මූල්‍ය අපරාධ ඒකකය පිහිටුවා ඇත්තේ දේශපාලන විරුද්ධවාදීන්ට අසත්‍ය චෝදනා නගා හිරිහැර කිරීම හා චරිත ඝාතනය සඳහා බව මෙයින් තවදුරටත් පැහැදිලිවේ. එමෙන්ම මෙම ඒකකයේ නීත්‍යනුකූලභාවය සහ වලංගු භාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නඩුවක් පවත්වා ගෙන යාමට අවසර දී ඇති අතර එය විභාගය සඳහා දින නියම කොට ඇති බවද වැඩිදුරටත් සඳහන් කරනු කැමැත්තෙමි.