අපේ ජය ශ්‍රි මහ බෝධියට කොටි ගසා අදට වසර 30යි.

Sri Maha Bodhi Massacre by the LTTE Tamil Terrorists

බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන් ශ්‍රී මහා බෝධියට කොටි ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාරයක් එල්ල කොට නිරායුධ අහිංසක සාමාන්‍ය බොදුනුවන් ඇතුළු සිවිල් වැසියන් 229 දෙනෙකු ම්ලේච්ච ලෙස ඝතනය කර වසර 30ක් සපිරේ.1985.මැයි 14 වනදා මේ ප්‍රහාරය එල්ල විය.

1985 මැයි 14 වන දින අළුයම අනුරාධපුර බස් නැවතුමෙන් ආරම්භ කල කොටි ප්‍රහාරය ඉන් පසු රුවන් වැලි සෑය සහ ශ්‍රී මහා බෝධිය ඇතුලත් පූජාභූමිය වෙත එල්ල විය. එල්ල වූ ප්‍රහාරයෙන් ශ්‍රී මහා බෝධිය අසල සිල් සමාදන් ව සිටි උවැසි උවැසියන් මෙන්ම භික්ෂූන් වහන්සේලා බොහෝ දෙනෙක්ද අමු අමුවේ ඝාතනය විය.දස සිල් මාතාවන් 21 දෙනෙකු සහ භික්ෂූන් වහන්සේල 17 දෙනෙකු ඇතුලත්ව 229 දෙනෙකු ඝාතනය වූ අතර තවත් 385 දෙනෙකු තුවාල ලැබීය.

1985 මැයි 14 දා අලුයම පුත්තලම් ඩිපෝවට අයත් බස්‌ රථයක සිටි රියෑදුරා ද කොන්දොස්‌තරවරයාද මරා දැමූ කොටි ත්‍රස්තයන් විල්පත්තු අභය භූමිය හරහා අනුරාධපුරයට පැමිණ තිබිණ.හමුදා ඇඳුමට සමාන ඇඳුමකින් සන්නද්ධ ව සිටි ඔවුන් ප්‍රහාරය අවසන් කර යමින් සිටියදී විල්පත්තු අභය භූමිය තුල සිටි වන ආරක්ෂකයින් 24 දෙනෙකුටද වෙඩි තබා මරා දමා තිබිණ.

එවකට ජේ ආර් ජයවර්ධන මහතා විධායක ජනපති වු අතර, ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යවරයා වූයේ ලලිත් ඇතුලත්මුදලි මහතාය.කොටි මෙලෙස සිංහල ජනතාවගේ ගෞරවාදරයට පත් පූජනීය ස්ථානවලට අමානුෂික ලෙස පහර දීමෙන් එකල අපේක්ෂ කලේ දෙමළ ජනතාවට එරෙහිව සිංහල සමාජය තුල කෝපය වර්ධන කිරීමත් ඒ හරහා ඇතිවන ගැටුම් හරහා එහි වාසිය තමන්ට ගැනීමටත්ය.

එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් විසින් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ නිලධාරීන් 24 දෙනකු එකවර වෙඩි තබා, කපා කොටා ඝාතනය කිරීමේ 30 වැනි සැමරුමද මැයි මස 14 වැනිදාට (අදට) යෙදී තිබේ.

මේ නිමිත්තෙන් විල්පත්තු උද්‍යාන භාරකරු සහ කාර්ය මණ්‌ඩලය සංවිධානය කරන ලේ දන්දීමේ වැඩසටහනක්‌ අද උද්‍යාන මූලස්‌ථානයේදී සිදුකෙරේ.

රාත්‍රි සර්ව රාත්‍රික පිරිත් දේශනයක්‌ සිදුකරන අතර හෙට (15 දා) තිස්‌ නමක්‌ සංඝයාවහන්සේ විෂයෙහි දානමය පුණ්‍ය කර්මයකි.