අධිකරණයට බලපැම් නැ; ජනපති කියයි.

3131313131313

අධිකරණය දේශපාලන බලපෑම්වලට යටවූ යුගය නිමා කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ මහතා පෙන්වා දෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වය උපරිමයෙන් තහවුරු කිරිමට නව රජය කටයුතු කළ බවයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අකුරණ ප්‍රාදේශීය සභාවේ නව තෙමහල් ගොඩනැගිලි සංකීර්ණය ජනතා අයිතියට පවරාදීමට පැවති උත්සවයේදීයි.

මනාප ඡන්ද ක්‍රමය තුළ මෙරට දේශපාලන සංස්කෘතියේ විවිධ කඩාවැටීම් ඇති වූ බව ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළා. මනාප ඡන්ද ක්‍රමය තුළ ඇත්තේ රටක් ගොඩනැගීමේ දේශපාලන දර්ශනයක් හෝ ප්‍රතිපත්තියක් නොව පුද්ගලයින් ගොඩනැගීමේ ක්‍රමවේදයක් බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේ.

මහජනතාවගේ ඡන්ද බලයට ගරු කරමින් නිල කාලය අවසන් වන සියලූ පළාත් පාලන ආයතනවල නිසිකලට මැතිවරණ පැවැත්විය යුතුයි. මහජන ආයතනවලට තමන් කැමති නියෝජිතයින් පත් කර ගැනීමේ අයිතිය නිසි කලට වේලාවට ලබාදීම ප්‍රජාතන්ත්‍රවාදය අගය රජයක වගකීම බවද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළා.