මියගිය කොටිද සමරන සැමරුම් සතිය ඇරඹේයි. (ජායාරූප/හඩපට සහිතයි )

 

යුද ගැටුම්වලින් මියගිය කොටි සාමාජිකයන් ඇතුලූ සිවිල් වැසියන් වෙනුවෙන් වෙල්ලමුල්ලි වෛක්කාල් ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන අනුස්මරණ වැඩසටහනක් 12 සිට ලබන 18 වන දින දක්වා පැවැත්වෙන බව දෙමළ රාජ්‍ය පක්ෂය පවසනවා. පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා සඳහන් කළේ එම වැඩසටහන උතුර සහ නැගෙනහිර පළාත්හි සිදුකිරීමට කටයුතු යොදා ඇති බවයි.ඒ සඳහා සිවිල් සංවිධාන රැසක සහභාගිත්වය ද ලැබී ඇති අතර දෙමළ ජනතාවට සිදුව ඇති අසාධාරණය පිළිබඳ ලොවට හෙළි කිරීම සඳහා එම වැඩසටහන අවස්ථාවක් කරගන්නා බවයි මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්‍ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සිහිකිරීම සඳහා අද දහවල් පහන් දල්වා තිබෙනවා.යාපනය විශ්ව විද්‍යාල ඇතුළු තවත් ස්ථාන කිහිපයක ද මියගිය අය සිහිකිරීම සඳහා පහන් දල්වා ඇතැයි මාධ්‍ය වාර්තා පලව තිබුනා.

10423927_1059008987461848_113999215123815652_n 10985302_1059008984128515_7683185003645639821_n