නව රජයේ නියෝජ්‍ය අමාත්‍ය නෙරංජන් හදිසියේ මිය යයි.

31`31`313131`3`3`

නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නෙරංජන් වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් එතුමා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව දැන ගන්නට ඇත.

දිගු කලක් වයඹ පළාත් සභාවේ ඇමැතිවරයකු ලෙස කටයුතු කළ නෙරංජන් වික්‍රමසිංහ මහතා පසුගිය 2010 මහ මැතිවරණයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින්  ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්විය.

එසේම මෛත්‍රීපාල සිරිසේන රජයේ නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පසුගිය අප්‍රේල් මස 23 වැනිදා ඔහු වැඩ බාරගන්නා ලදී.