අපි ඇගිලි ගහන්නේ නෑ.

sri lankan government logo

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය සහ නීතිය ක්‍රියාත්මක කරන සෙසු අංශ විසින් සිදු කරගෙන යන පරීක්‍ෂණ මුළුමනින්ම ස්වාධීන බව රජය අවධාරණය කරයි.

අග්‍රමාත්‍ය කාර්යාලය විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කිසිදු දේශපාලන ඇඟිලි ගැසීමක් සිදු නොවන බවයි.

පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය සම්බන්ධයෙන් මෑතක සිට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතා බහක් මතුව තිබේ.

එනම් එම ඒකකය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දඩයම් කරන බවට විපක්ෂය විසින් දිගින් දිගටම චෝදනා එල්ල කිරීම නිසාය.

මෙම වාතාවරණය යටතේ අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් අදාළ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කර තිබුනා.