මහින්ද ඉල්ලන රැළිය කුරුණෑගල තිබුනු හැටි (ජායාරූප සහිතයි )

pa650

ඉදිරි මහ මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂක කළ යුතු බවට බල කරමින් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට අයත් පක්‍ෂ කිහිපයක්‌ සංවිධානය කරන රැස්‌වීම් මාලාවේ සිව්වැනි රැළිය වූ ඊයේ (08 වැනිදා) පස්‌වරුවේ කුරුණෑගලදී පැවති රැළියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 57 දෙනෙකුට අධික පිරිසක්‌ සහභාගි වූහ.

10431421_747407158710440_2346150081307879954_o 10988485_747407172043772_2806049452164187347_o 11083954_10206597861809491_7631498826884367968_o 11109245_747407175377105_4816616624214376885_o 11174844_10206597784327554_8320002047403753651_n 11181248_813671292062644_3208671554513511579_o 11205524_813670798729360_6135322654766600961_n 11209598_10206597784767565_7011544171321696842_n 11218488_10206597788607661_6390053813189816484_n 11229310_747395098711646_6290776766758003755_n

කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩා පිටිය අසල පැවති මෙම රැස්‌වීමට දකුණ, මධ්‍යම, උතුර මැද, බස්‌නාහිර පළාත් සභා හා ප්‍රාදේශීය සභා නියෝජනය කරන එජනිස මන්ත්‍රීවරුන් විශාල පිරිසක්‌ ද, හිටපු ආණ්‌ඩුකාරවරුන් වන අලෙවි මවුලානා, තිස්‌ස බලල්ල, ටිකිරි කොබ්බෑකඩුව යන මහත්වරු ද එක්‌ව සිටියහ.

රැලියට සහභාගි වූ හිටපු ඇමැතිවරුන් 57 දෙනා අතර කුමාර වෙල්ගම, ඩලස්‌ අලහප්පෙරුම, ජී. එල්. පීරිස්‌, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, රොෂාන් රණසිංහ, සාලින්ද දිසානායක යන මහත්වරුන් එක්‌ව සිටීම කැපී පෙනුණි.

මෙවර රැලියට නුගේගොඩ පැවති රැළියට වඩා අතිවිශාල ජනකායක්‌ එක්‌ව සිටීම විශේෂත්වයකි. ඔවුහු ‘මහින්ද නැතිව දිනන්න බැහැ’ අනුර – විජේවීර මරා පිළිස්‌සූ අය ගැන පරීක්‍ෂණ ඕනෙ නැතිද?’ යන පුවරු මෙන්ම මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඡායාරූප ද රැගෙන රැලියට එක්‌ව සිටියහ. රැලියට පැමිණි අතිවිශාල ජනකාය හේතුවෙන් දඹුල්ල – කුරුණෑගල මාර්ගය තාවකාලිකව වසා දැමීමට ද පොලිසියට සිදුවිය.

එසේම මෙම රැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පෙනෙන නොපෙනන මානයක සිටින බවට පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කිරීමත් සමග රැස්‌ව සිටි අතිවිශාල ජනකායකගේ අත්පොළොසන් නාද දෙමින් සිය සතුට පළ කළහ.