අහිංසක ජනතාව දුගී භාවයෙන් මුදා ගනිමු.. ජනපති පවසයි

President of Sri Lanka Maithripala Sirisena

සියලුදෙනා එක්ව රටේ අහිංසක ජනතාව දුගී භාවයෙන් මුදා ගැනීමට කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාලි සිරිසේන මහතා පවසයි.

රට ගොඩනැගීමේ කාර්යයේදී ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ හා අනෙකුත් පක්ෂ වල සහය අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

“මාගම්පුර රුහුණු උරුම කෞතුකාගාරය“ විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාලි සිරිසේන මහතා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පැවසුවේ දේශපාලන න්‍යාය පත්‍රවලට වඩා රටේ න්‍යායපත්‍රය වැදගත් බවයි.