විල්පත්තුවේ පොතු ගලවන ඇමති බඩියුදීන්. ( ජා‍යාරුප සහිතයි )

10409379_836177676468819_7976545679683163577_n

විල්පත්තුව ප්‍රදේශයේ අති දැවැන්ත පාරිසරික විනාශයක් සිදු කරමින් කරගෙන යනු ලබන මුස්ලිම් ජනයා පදිංචිකරවිමේ ව්‍යාපෘතිය වර්තමාන රජය යටතේත් සාර්ථකව කරගෙන යාමට වත්මන් රජයට එක්වු,එහි ජාතික විධායක සභාවේ සමාජික රිෂාඩ් බඩියුදීන් අමාත්‍යවරයා සමත්ව ඇති බවට පාරිසරවේදින් හා සංවිධාන චෝදනා කරනවා. කිසිදු පරිසර ඇගයිම් ක්‍රමවේදයක් හෝ ජනයා පදිංචි කිරිමේ නිතීයක් අනුව නොයමින් ආමාත්‍යවරයා පසුගිය රජය යටතේ මුස්ලිම් ජනයාට සේවය කිරිම සදහා ලබාගත් ඉඩ භාවිත කරමින් දැන් විල්පත්තු අභය භූමිය විනාශ කිරිමේ වැඩපිළිවෙලක් දියත්කර ඇති බවත්,තම චන්ද ගොඩ වැඩිකර ගැනිමට ලොල්වු මෙවැන්නන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක නොවිම ගැටලු සහගත තත්වයක් වි තිබේ.

විල්පත්තුව උතුරු අභය භූමියට යාබද, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කල්ලාරු වනාන්තරයෙන් අක්කර 5000ක් පමණ එළිපෙහෙළි කර පවුල් 1500ක් පමණ මේ වනවිට පදිංචි කර ඇතැයි වනසංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂ සජීව චාමිකර මහතා සදහන් කර තිබෙනවා. මින් පවුල් 300ක් පමණ සඳහා ස්ථීර නවාතැන්ද, ඉතිරි පිරිස ඉඩම් සීමා මායිම් ලකුණු කොට ඒ තුළ තාවකාලික නිවාස ඉදිකර තිබෙන බව සදහන්.

මෙසේ පදිංචි කරනු ලබන්නේ යුද්ධයෙන් අවතැන්වූවන් නොවන බවයි වාර්ථා වන්නේ.කල්ලාරු වනාන්තරයේ ඉඩම් හිමිව ඇති පුද්ගලයින් අතර පකිස්ථානයෙන් පිටුවහල් කළ පුද්ගලයින්ද සිටින බවයි සජීව චාමිකර මහතා වැඩි දුරටත් සදහන් කර තිබෙන්නේ.

“මේ සියල්ල නව පදිංචි කිරීම්. මෙතන යුද්ධයෙන් අවතැන් වුණ කවුරුවත් පදිංචි කරල නැහැ. දැන් මේ ඉඩම් අල්ලගෙන තියෙන්නෙ පුත්තලම, කල්පිටිය වැනි ප්‍රදේශවල පදිංචි පිරිස්. මේ අතරෙ පකිස්තානුවනුත් ඉන්නව. හැබැයි මේ ආසන්නයේ මොල්ලිකුලම කියල ගමක් තිබුණ. ඒ ගමේ පදිංචි වෙලා හිටියෙ දෙමළ ධීවර ජනතාව. අදත් ඔවුන් අවතැන් වෙලයි ඉන්නෙ. ඔවුන් සතු ඉඩම් න‍ාවික හමුදාව යටතේයි තවම පවතින්නෙ. ඒ ජනතාව මන්නාරම, තලෙයිමන්නාරම ප්‍රදේශවල තාවකාලිකව ඉන්නව. තවත් පිරිසක් ඉංදියාවට ගිහින්.”

ජාතික පාරිසරික පනතට අනුව 1993 ජුනි 24 නිකුත් කළ අංක 772/22 ගැසට් නිවේදනයෙන්, වනාන්තරයක හෙක්ටයාර් 01ට වැඩි බිමක් හෙළි කරන්නේ නම් හෝ එකවර පවුල් 100ට වඩා පදිංචි කරන්නේ නම් ඊට පෙර පරිසර අධ්‍යන වාර්ථාවක් ලබා ගැනීම අනිවාර්යය කර තිබෙනවා. ඒ පමණක් නොව වන සංරක්ෂණ ආඥා පනතට අනුවද දැනට සිදු වෙමින් පවතින්නේ බරපතල නීති විරෝධී කියාවක් බව පෙන්වා දෙන චාමිකර මහතා පවසන්නේ, සිදු කෙරෙමින් පවතින වරද වරෙන්තු නිකුත් කිරීමකින් තොරව අත්අඩංගුවට ගත හැක්කක් බවය.

1908184_836177723135481_785223312459794524_n 10996080_836177776468809_9051102534182461881_n 11036038_1657900754437695_6834679902811370334_n 11140338_836177663135487_2393659990730290652_n 11150437_836177739802146_919014982743588956_n 11160000_836177713135482_7258950748028570905_n 11164825_1657900757771028_2174034476717196987_n 11182329_836177756468811_819562761776571785_n 11196281_836177749802145_1158851799726843116_n