ගෙවලා නැ.. ජොනි යලි ඇතුලට; මම ගෙවලා තියෙන්නේ.. මේක දේශපාලන පලිගැනිමක්.

10356412_932862150097411_64778748929782160_n

හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන්  ප්‍රනාන්දු මහතා  එළඹෙන 11 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ අද කුරුණෑගල  මහේස්ත්‍රාත්වරා වෙත ඒ මහතා  ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ නියෝගය ලබා දී තිබේ.

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ඊයේ දිනයේදී පැය 5ට අධික කාලයක් තිස්සේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගන්නා ලදී.

ඉන් අනතුරුව ඒ මහතාව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරු අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

එසේම අද දිනයේදී ඒ මහතාව කුරූණෑගල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලෙසද නියෝග කරන ලදී.

ඉකුත් වයඹ පළාත් මැතිවරණ සමයේ මල්ලවපිටිය,වැහැර,යම්තම්පලාව යන ලංකා සතොස වෙළඳසැල් මගින් රු.52,75000ක් වටිනා භාණ්ඩ ලබාගෙන මුදල් නොගෙවීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට චෝදනා එල්ලවී තිබේ.

නමුත් හිටපු ඇමතිවරයාගේ පාර්ශවය කරුණු දක්වමින් සදහන් කර තිබුනේ අදාල මුදල් ගෙවිම් වලට නිකුත්කල වවුචර් තමන් සතු බවත්,සතොස ආයතනය එම තොරතුරු නිවැරදි ලෙස යාවත්කාලින කර නොමැති නිසා මුදල නොගෙවු බවට සටහන්ව ඇති බවත්ය.

අදාල තොරතුරු යාවත්කාළින නොකර තබා ගෙන ඇත්තේ හිටපු ආමාත්‍යවරයාට චොදනා එල්ල කිරිමේ දේශපාලන අරමුණකින් බවයි ඔවුන් චෝදනා කරන්නේ.

මුදල් ගෙවු වවුචර් පත්.

1234`134343 2134214431`43143 124214141241