එදා සියයට සියයක් මානව හිමිකම් ඉල්ලු ජෝන් කෙරී අද කියන කතා.

Senator_Kerry_0-e1365740077354

අමෙරිකාව ඇතුළු ලෝකයේ කිසිදු ජාතියකට මානව හිමිකම් සම්බන්ධයෙන්  ධනාත්මක වාර්තාවක් නොමැති බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා පවසයි.කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එසේම ශ්‍රී ලංකාව තුළ  බලය ඛෙදීමේ ක්‍රියාවලිය කාලීන  අවශ්‍යතාවයක් පවතින බවත්, එම ක්‍රියාවලියට අවශ්‍ය සහය අමෙරිකාව විසින් ලබාදෙන බවත් ඒ මහතා එම අවස්ථාවේදී සඳහන් කළේය.

මේ අතර වගවිමේ ක්‍රියාවලිය සඳහා දින සියයේ වැඩපිළිවෙළ තුළින් නව ආණ්ඩුව ගෙන ඇති පියවර පිළිබඳ  අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය ප්‍රශංසාව පළ කර තිබේ.

එම කටයුතු ඉදිරියට ගෙනයාමට අවශ්‍ය සෑම සහයක්ම ශ්‍රී ලංකාවට ලබාදෙන බව  අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර ඇත.

දිවයිනට පැමිණි අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අද දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසී සාකච්ඡා කළේය.

මේ අතර අමෙරිකානු රාජ්‍ය ලෙක්ම් ජෝන් කෙරී මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී සාකච්ඡා කර තිබේ.

අරලියගහ මන්දිරයේදී මෙම හමුව පැවති බව  වාර්තා වෙයි.